Skip to content

පටුනට යන්න

අත්හදා බලන්න යෝජනා

අත්හදා බලන්න යෝජනා

‘පිබිදෙව්!’

ප්‍රශ්නය: මානසික අවපීඩනය නිසා දුක් විඳින ඉස්කෝලේ යන ළමයින්ගේ ගාණ හිතන්නවත් බැරි විදිහට වැඩි වෙනවා. මේකට මොන වගේ විසඳුමක් දෙන්න ඕන කියලද ඔයා හිතන්නේ?

ඉදිරිපත් කිරීම: යෞවන ළමයින්ට මානසික අවපීඩනයෙන් ගොඩ එන්න පුළුවන් කොහොමද කියලත් එයාලට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද කියලත් මේ සඟරාවේ තියෙනවා.

බයිබලයෙන් උගන්වන්න

ප්‍රශ්නය: විවාහ ජීවිතය සතුටින් ගත කරන්න උදව් වෙන්නේ මොනවද?

බයිබල් පදය: එෆී 5:33

බයිබලයේ කියන්නේ: සැමියයි බිරිඳයි අතරේ ආදරය, ගෞරවය තියෙනවා නම් ඒ විවාහය සතුටින් පිරුණු එකක් වෙනවා.

‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ (lf)

ප්‍රශ්නය: ජීවය ආරම්භ වුණේ කොහොමද වගේ වැදගත් ප්‍රශ්නවලට උත්තර හොයද්දී අපි විශ්වාස කරන දේ පදනම් වෙන්න ඕනෙ මොකක් මතද?

බයිබල් පදය: හෙබ්‍රෙ 11:1

ඉදිරිපත් කිරීම: එතන කියන විදිහට අපි විශ්වාස කරන දේ පදනම් වෙන්න ඕනෙ “ස්ථිර සාක්ෂි” මත. ජීවයේ ආරම්භය ගැන වැදගත් ප්‍රශ්න පහක් ගැනත් තියෙන පැහැදිලි සාක්ෂිවලින් ඔප්පු වෙන්නේ මොනවද කියලත් මේ සඟරාවේ කතා කරනවා.

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.