Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | යෙසායා 63-66

අලුත් අහසක් සහ අලුත් පොළොවක්

අලුත් අහසක් සහ අලුත් පොළොවක්

අලුත් අහසක් සහ අලුත් පොළොවක් ගැන යෙහෝවා දෙවි දීපු පොරොන්දුව යෙසායා 65වෙනි පරිච්ඡේදයේ සඳහන් කරලා තියෙන්නේ දෙවි දැනටමත් ඒක ඉටු කරලා තියෙනවා වගෙයි.

යෙහෝවා දෙවි අලුත් අහසක් සහ අලුත් පොළොවක් ඇති කළාම කලින් වුණු දේවල් ආයෙත් මතක් වෙන්නේ නැහැ

65:17

අලුත් අහස මොකක්ද?

  • පොළොවට යහපත් කාලයක් උදා කරන අලුත් ආණ්ඩුවක්

  • 1914දී යේසුස්ව දේවරාජ්‍යයේ රජු විදිහට පත් කරපු අවස්ථාවේදී තමයි ඒක පිහිටෙව්වේ

අලුත් පොළොව මොකක්ද?

  • දෙවිගේ රාජ්‍යය පොළොව පාලනය කරද්දී ඒකට කැමැත්තෙන්ම යටත් වෙන හැම ජාතියකටම අයත් විවිධ භාෂාවන් කතා කරන මිනිස් සමාජය

කලින් වුණු දේවල් ආයෙත් මතක් වෙන්නේ නැහැ කියන්නේ ඇයි?

  • අමිහිරි මතකයන්වලට හේතු වන කිසිම දෙයක් එදාට නැහැ

  • විශ්වාසවන්ත අය නිමක් නැති සතුටකින් ජීවිතය භුක්ති විඳිනවා. ගත කරන හැම දවසක්ම මිහිරි මතකයන් වෙනවා