Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න”

“ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න”

“පියාටත් මවටත් ගෞරව කරන්න” කියලා අනිත් අයට කියන්න යේසුස්ට පුළුවන්කම තිබුණා. (නික් 20:12; මතෙ 15:4) මොකද ඔහු පොඩි කාලෙත් දෙමව්පියන්ට කීකරු වුණා. (ලූක් 2:51) මැරෙන්න ටිකකට කලින් මවව බලාගන්න වගකීම ගෝලයෙක්ට භාර දුන්නා.—යොහ 19:26, 27.

අපේ දරුවනුත් දෙමව්පියන්ට කීකරු වෙනවා. දෙමව්පියන්ගේ හිත් රිදෙන්නේ නැති විදිහටයි එයාලා කතා කරන්නේ. ඒ දේවල් කරන්නේ එයාලා දෙමව්පියන්ට ගරු කරන නිසයි. දෙමව්පියන්ට ගරු කරන්න කියන ආඥාවට අපි හැමදාමත් කීකරු වෙයි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. දෙමව්පියන් වයසට ගියත් අපි එයාලා කියන දේට ඇහුම්කන් දෙන්න ඕනේ. (හිතෝ 23:22) අපේ ආදරය දැනෙන්න සලස්වන්න ඕනේ. මුදල් අවශ්‍යතාවක් තියෙනවා නම් මුදල් දෙන්න ඕනේ. (1තිමෝ 5:8) අපි මොන වයසක හිටියත් දෙමව්පියන් එක්ක කතා කරන්න කාලය ගන්න ඕනේ.

‘මගේ ප්‍රශ්න ගැන අම්මලා එක්ක කතා කරන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • දෙමව්පියන් එක්ක කතා කරන්න අමාරුයි කියලා ඔයා හිතන්නේ ඇයි?

  • දෙමව්පියන් එක්ක කතා කරද්දී එයාලට ගරු කරනවා කියලා පෙන්වන්නේ කොහොමද?

  • දෙමව්පියන් එක්ක කතා කරන්න වෑයම් කරන එක වටින්නේ ඇයි? (හිතෝ 15:22)

    දෙමව්පියන් එක්ක කතා කරන එකෙන් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්