Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | මතෙව් 16-17

ඔයා හිතන්නේ කවුරු හිතන විදිහටද?

ඔයා හිතන්නේ කවුරු හිතන විදිහටද?

16:21-23

  • පේතෘස් කතා කළේ හොඳ චේතනාවෙන් වුණත් යේසුස් ඒ වෙලාවෙම එයා හිතන විදිහ නිවැරදි කළා

  • තමන් ගැන හිතන්න කාලය මේක නෙවෙයි කියලා යේසුස් දැනගෙන හිටියා. මොකද ඒ වෙලාවේ යේසුස් සෝදිසියෙන් ඉන්නේ නැතුව තමන් ගැන හිතන්න පටන්ගත්තා නම් ඒකෙන් සතුටු වෙන්නේ සාතන්

16:24

දෙවි හිතන විදිහට හිතනවා නම් අපි කරන්න ඕන දේවල් තුනක් ගැන යේසුස් කිව්වා. ඒ එක් එක් කරුණුවලින් අදහස් වෙන්නේ මොකක්ද?

  • ජීවිතය දෙවිට කැප කරන්න

  • වධකණුව අරගන්න

  • දිගටම යේසුස්ව අනුගමනය කරන්න