Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | මතෙව් 18-19

වරදකට පෙලඹෙන්නත් වරදකට පොලඹවන්නත් එපා

වරදකට පෙලඹෙන්නත් වරදකට පොලඹවන්නත් එපා

වරදට පෙලඹෙන එකෙත් කෙනෙක්ව වරදට පොලඹවන එකෙත් බරපතළකම තේරුම් කරලා දෙන්න යේසුස් නිදර්ශන පාවිච්චි කළා.

18:6, 7

  • “වරදට පොලඹවන” කියලා කියද්දී නොමඟ යන්න, ප්‍රතිපත්තියක් කඩන්න, බරපතළ වරදක් කරන්න කෙනෙක්ව පොලඹවන ඕනම දෙයක් නැත්නම් ක්‍රියාවක් ඇතුළත් වෙනවා

  • කෙනෙක් තව කෙනෙක්ව වරදට පොලඹවනවාට වඩා ඇඹරුම් ගලක් එයාගේ බෙල්ලේ එල්ලා එයාව මහ මුහුදේ ගිල්වා දැමීම වඩාත් හොඳයි

ඇඹරුම් ගල්

18:8, 9

  • අතක්, පයක්, ඇසක් තරම් වටිනා දෙයක් නිසා වරදක් කරන්න පෙලඹෙනවා නම් ඒක වුණත් කපලා දාන්න කියලා යේසුස් කිව්වා

  • කොච්චර වටිනවා වුණත් වරදට පොලඹවන ඒ වගේ දෙයක් තියාගෙන ගෙහෙන්නාවට යනවාට වඩා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම විනාශ වෙනවාට වඩා ඒක නැතුව දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන එක වඩා හොඳයි

වරදක් කරන්න මං පෙලඹෙන්න පුළුවන් මොන වගේ දේවල් නිසාද? ඒ දේවලින් වළකින්නත් අනිත් අයව වරදකට පොලඹවන්නේ නැතුව ඉන්නත් මට කරන්න පුළුවන් මොනවාද?