Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | මතෙව් 12-13

තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාව

තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාව

මිනිසුන් අතරින් අභිෂේක ලත් අයව රැස් කරන්න පටන්ගන්නේ කවදා ඉඳන්ද කියලත් ඒක කරන්නේ කොහොමද කියලත් පැහැදිලි කරන්නයි යේසුස් තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාව කිව්වේ. බීජ වැපිරීම පටන්ගත්තේ ක්‍රි.ව. 33දී.

13:24

‘තම කෙතෙහි හොඳ බීජ වැපුරූ මිනිසා’

  • වපුරන්නා: යේසුස් ක්‍රිස්තුස්

  • හොඳ බීජ වැපිරීම: යේසුස්ගේ ගෝලයන්ව දෙවිගේ බලයෙන් අභිෂේක කිරීම

  • කෙත: සියලුම මිනිසුන්

13:25

‘මිනිසුන් නිදා සිටියදී ඔහුගේ සතුරා ඇවිත් කිරිඳි වපුරා යයි’

  • සතුරා: යක්ෂයා

  • මිනිසුන් නිදා සිටීම: නියෝජිතයන්ගේ මරණය

13:30

‘කපන කාලය වන තුරුම දෙවර්ගයම එකට වැඩෙයි’

  • තිරිඟු: අභිෂේක ලත් අය

  • කිරිඳි: ක්‍රිස්තියානි කියලා කියාගන්න අය

‘මුලින්ම කිරිඳි උදුරා මිටි බඳින්න. ඉන්පසුව තිරිඟු රැස් කරන්න’

  • දාසයන්/අස්වැන්න කපන අය: දේවදූතයන්

  • කිරිඳි උදුරා මිටි බඳියි: ක්‍රිස්තියානි කියලා කියාගන්න අයව අභිෂේක ලත් අයගෙන් වෙන් කරයි

  • ගබඩාවලට රැස් කිරීම: අභිෂේක ලත් අයව පවිත්‍ර කරපු සභාවට රැස් කරයි

අස්වැන්න කපන කාලය පටන්ගත්තාම ක්‍රිස්තියානි කියලා කියාගන්න අය අතරින් අභිෂේක ලත් අයව පැහැදිලිව හඳුනාගන්න පුළුවන් වුණේ කොහොමද?

මේ උපමාව හොඳින් තේරුම්ගන්න එකෙන් මට ලැබෙන ප්‍රයෝජන මොනවාද?