දේවවචනය නිධානයක්
නැණවත් උපදෙස්වලින් ප්රයෝජන ගන්න
රෙහබෝවම්ට තීරණයක් ගන්න වුණා (2ලේක 10:1-4; w18.06 13 3¶)
එයා අනිත් අයගෙන් උපදෙස් පැතුවා (2ලේක 10:6-11; w01 9/1 28-29)
රෙහබෝවම් නැණවත් උපදෙස් කණකට ගත්තේ නැහැ. ඒ නිසා එයාත් සෙනඟත් දුක් වින්දා (2ලේක 10:12-16; it-2-E 768 1¶)
දෙවියන් මත රඳා ඉන්න වැඩිහිටි අයට ගොඩක් අද්දැකීම් තියෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට එයාලට පුළුවන් කාරණා හොඳින් කිරලා මැනලා තීරණයක අන්තිම ප්රතිඵලය මොන වගේ වෙයිද කියලා කියන්න.—යෝබ් 12:12.
මේ ගැන හිතන්න. ‘මට නැණවත් උපදෙස් සහ මඟ පෙන්වීම් ලැබෙන්නේ සභාවේ කාගෙන්ද?’