යහපත් ක්‍රිස්තියානීන් වෙමු
යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
දවසක් දවසක් ගාණේ අපිට තීරණ ගොඩක් ගන්න වෙනවා. හුඟක් මිනිස්සු තීරණ ගන්නේ එයාලට ඕනෙ විදිහට. එහෙම නැත්නම් අනිත් අය කරන දේම ඔහේ කරනවා. (නික් 23:2; හිතෝ 28:26) ඒත් යෙහෝවා දෙවියන්ව විශ්වාස කරන අය එයාලට වඩා වෙනස්. එයාලා තීරණයක් ගන්න කලින් ‘දෙවිව සිහි කරනවා.’ (හිතෝ 3:5, 6) එයාලා එහෙම කරන්නේ බයිබල් ප්‍රතිපත්ති හොයලා බලලයි.
හොඳ තීරණයක් ගන්න මේ බයිබල් පද ඔයාට උදව් වෙන අවස්ථාවක් ගාණේ ලියන්න.
‘විශ්වාසවන්ත අයව ආදර්ශයට ගන්න - පාරාවෝව නෙමෙයි මෝසෙස්ව’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.
හොඳ තීරණයක් ගන්න බයිබල් චරිතයක් සහෝදරයෙක්ට උදව් වුණේ කොහොමද?