Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“ඔබේ සිත ආරක්ෂා කරගන්න”

“ඔබේ සිත ආරක්ෂා කරගන්න”

යෙහෝවා දෙවියන් සලමොන් මාර්ගෙන් මෙහෙම කිව්වා. “සියලු දේටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න.” (හිතෝ 4:23) ඒත් ඊශ්‍රායෙල් සෙනඟ “මුළු හදවතින්ම” ඔහුට සේවය කරන එක නතර කළා. (2ලේක 6:14) සලමොන් කළෙත් ඒකමයි. එයා බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු භාර්යාවන්ගේ බලපෑමට යටත් වෙලා ඒ දෙවිවරු පස්සේ ගියා. (1රාජා 11:4) ඔයාගේ හිත ආරක්ෂා කරගන්න ඔයාට පුළුවන් කොහොමද? ඒ ගැන දැනගන්න 2019 ජනවාරි ‘මුරටැඹ’ සඟරාවේ 14-19 පිටුවල තියෙන පාඩම් ලිපිය බලන්න.

‘මුරටැඹ සඟරාවෙන් වටිනා පාඩම් - සිත ආරක්ෂා කරගමු’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

මේ සහෝදර සහෝදරියන්ගේ විශ්වාසය දුර්වල වෙන්න ඉඩ තිබුණේ මොකක් නිසාද? එයාලගේ හිත ආරක්ෂා කරගන්න මේ පාඩම් ලිපිය එයාලට උදව් වුණේ කොහොමද?

  • බ්‍රෙන්ට් සහ ලෝරන්

  • උම්ජේ

  • හැපි ලෙයූ

මේ පාඩම් ලිපිය ඔයාට උදව් වුණේ කොහොමද?