Skip to content

පටුනට යන්න

අප්‍රියෙල් 1-7

ගීතාවලිය 23-25

අප්‍රියෙල් 1-7

ගීතිකා අංක 4 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. “යෙහෝවා දෙවි මාගේ එඬේරාය”

(විනා. 10යි)

යෙහෝවා අපිට මඟ පෙන්වනවා (ගීතා 23:1-3; w11 5/1 31 3¶)

අපිව ආරක්ෂා කරනවා (ගීතා 23:4; w11 5/1 31 4¶)

අපිව පෝෂණය කරනවා (ගීතා 23:5; w11 5/1 31 5¶)

යෙහෝවා දෙවියන් අපිව රැකබලා ගන්නේ ආදරණීය එඬේරෙක් වගේ.

මේ ගැන හිතන්න. ‘යෙහෝවා මං ගැන සැලකිලිමත් කියලා පෙන්වලා තියෙන්නේ කොහොමද?’

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 23:3—“ධර්මිෂ්ඨ මාවත්” කියන්නේ මොකක්ද? ඒකෙන් පිටට යන්නේ නැතුව ඉන්න අපිට උදව් වෙන්නේ මොනවාද? (w11 2/15 24 1-3¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) අවිධිමත්ව. පරිසරයට වෙන හානිය ගැන කරදර වෙන කෙනෙක් එක්ක බයිබල් පදයක් බෙදාගන්න. (th 1වෙනි පාඩම)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) ගෙයින් ගෙට. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ගත්ත කෙනෙක්ට බයිබල් සාකච්ඡාවක් කරන විදිහ කියලා දෙන්න. (th 13වෙනි පාඩම)

6. ගෝලයන් වෙන්න උදව් කරද්දී

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 54

7. අපි නාඳුනන හඬවල් අහන්නේ නැහැ

(විනා. 15යි) සාකච්ඡාවක්.

සාමාන්‍යයෙන් බැටළුවෝ එඬේරාගේ හඬ හොඳට අඳුරනවා. උන් එඬේරාට කීකරු වෙනවා. හැබැයි අඳුරන්නේ නැති කෙනෙක්ගේ හඬ ඇහෙද්දී උන් දුවනවා. (යොහ 10:5) අපිත් අපේ ආදරණීය එඬේරුන් වන යෙහෝවා සහ යේසුස් කියන දේ විතරයි අහන්නේ. (ගීතා 23:1; යොහ 10:11) මොකද අපිට එයාලව විශ්වාසයි. ඒත් “වංචනික දේවල්” කියලා අපේ විශ්වාසය බිඳින්න හදන අයට අපි කවදාවත් ඇහුම්කන් දෙන්නේ නැහැ.—2පේතෘ 2:1, 3.

මේ පොළොවේ නාඳුනන හඬක් ඇහුණ පළවෙනි වතාව ගැන උත්පත්ති තුන්වෙනි පරිච්ඡේදයේ තියෙනවා. එදා සාතන් තමන් කවුද කියලා හංගලා ඒවව රැවැට්ටුවා. සාතන් හිතවතෙක් වගේ පෙනී ඉඳලා යෙහෝවා කියපු දේවල් ගැන, ඔහුගේ චේතනා ගැන ඒවගේ හිතේ සැක ඇති කළා. ඒව ඒකට ඇහුම්කන් දුන්න නිසා එයාට විතරක් නෙවෙයි අපි හැමෝටම දුක, වේදනාව උරුම වුණා.

අදත් සාතන් නොමඟ යවන තොරතුරු සහ අමූලික බොරු පතුරුවලා යෙහෝවා ගැන, සංවිධානය ගැන සැක ඇති කරන්න උත්සාහ කරනවා. කුතුහලය නිසා අපි යන්තමින්වත් ඒ හඬවල් අහන්නේ නැහැ. අපි පුළුවන් තරම් ඒ වගේ දේවල්වලින් ඈතට දුවන්න ඕනේ. මොකද ඒවා හරිම භයානකයි. සාතන් ඒවව අල්ලගන්න පාවිච්චි කළෙත් වචන කීපයයි කියලා අමතක කරන්න එපා! (උත් 3:1, 4, 5) ඒත් අපිට කිට්ටු කෙනෙක් අපේම හොඳට කියලා හිතලා සංවිධානය ගැන බොරු කියන්න හැදුවොත්?

‘නාඳුනන හඬෙන් පලා යන්න’! වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

ලිලීගේ අම්මා සංවිධානය ගැන වැරදි කියද්දී ලිලී වැඩ කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) ia 12 පරි. 1-12¶

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 55 සහ යාච්ඤාව