Skip to content

පටුනට යන්න

අප්‍රියෙල් 29–මැයි 5

ගීතාවලිය 34-35

අප්‍රියෙල් 29–මැයි 5

ගීතිකා අංක 10 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. “සැමවිටම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න”

(විනා. 10යි)

ප්‍රශ්න මැද ඉද්දී වුණත් දාවිත් දෙවියන්ට ප්‍රශංසා කළා (ගීතා 34:1; w07 3/1 22 11¶)

තමන් ගැනම මහ ඉහළින් කතා කරනවා වෙනුවට එයා ප්‍රශංසාව යෙහෝවාට දුන්නා (ගීතා 34:2-4; w07 3/1 22 13¶)

දාවිත් දෙවියන්ට ප්‍රශංසා කරපු නිසා අනිත් අයගේ විශ්වාසයත් ශක්තිමත් වුණා (ගීතා 34:5; w07 3/1 23 15¶)

දාවිත් අබිමෙලෙක්ගෙන් (ආකිෂ්ගෙන්) බේරිලා ආවට පස්සේ සාවුල්ගේ පාලනය නිසා පීඩා විඳපු පුරුෂයන් 400ක් විතර පාළුකරයේදී එයාට එකතු වුණා. (1සාමු 22:1, 2) මේ ගීතිකාව ලියද්දී සමහරවිට දාවිත්ගේ මනසේ එයාලා ගැනත් තියෙන්න ඇති.—ගීතා 34, හැඳින්වීම.

මේ ගැන හිතන්න. ‘ඊළඟ පාර රැස්වීමට ආවාම කාත් එක්ක හරි කතා කරද්දී යෙහෝවාට ප්‍රශංසා කරන්න මට පුළුවන් කොහොමද?’

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 35:19—තමන්ව “සමච්චලයට ලක් කරන්න” ඉඩ දෙන්න එපා කියලා දාවිත් ඉල්ලපු එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w06 5/15 20 2¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 2යි) අවිධිමත්ව. සාක්ෂි දරන්න කලින් සාකච්ඡාව මඟ නතර වෙනවා. (th 1වෙනි පාඩම)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) අවිධිමත්ව. පණිවිඩය කියන්න හදිස්සි වෙන්නේ නැතුව හොඳම අවස්ථාව එන කල් ඉවසන්න. (th 19වෙනි පාඩම)

6. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න

(විනා. 5යි) නිරූපණයක්. ijwfq 59—තේමාව: යම් උත්සවයක් සමරන එක දෙවියන් අනුමත කරනවාද නැද්ද කියලා සාක්ෂිකරුවන් දැනගන්නේ කොහොමද? (th 17වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 59

7. රැස්වීමේදී යෙහෝවාව ප්‍රශංසා කරන්න විදි තුනක්!

(විනා. 15යි) සාකච්ඡාවක්.

රැස්වීම් කියන්නේ යෙහෝවාට ප්‍රශංසා කරන්න කියාපු තැනක්. ඒක කරන්න පුළුවන් විදි තුනක් බලමු.

කතාබහෙන්. අනිත් අයත් එක්ක යෙහෝවාගේ යහපත්කම ගැන කතා කරන්න. (ගීතා 145:1, 7) ඔයාට ප්‍රයෝජනවත් වුණ දෙයක් ඔයාට කියවන්න හරි අහන්න හරි ලැබුණාද? සේවේදී හොඳ අද්දැකීමක් ලැබුණාද? කෙනෙක් කරපු, කියපු දෙයක් නිසා ඔයා ගොඩක් දිරිගැන්වුණාද? දෙවියන්ගේ නිර්මාණයක් දැකලා ඒ ගැන ඔයාට ලොකු අගයක් ඇති වුණාද? ඒ හැම දෙයක්ම යෙහෝවාගෙන් ඔයාට ලැබුණ තෑගි. (යාකො 1:17) ඉතින් රැස්වීමට වේලපහින්ම ගිහිල්ලා ඒ වගේ දේවල් ගැන අනිත් අයත් එක්ක කතා කරන්න.

උත්තරවලින්. හැම රැස්වීමකදීම එක උත්තරයක් හරි දෙන්න බලන්න. (ගීතා 26:12) ප්‍රශ්නෙට සරල, කෙටි උත්තරයක් දෙන්න. එහෙම නැත්නම් අමතර අදහසක් ගැන, බයිබල් පදයක් ගැන, පින්තූරයක් ගැන, අදාළ වෙන පැත්තක් ගැන කියන්න. අනිත් අයත් අත උස්සන නිසා උත්තර කීපයකටම ලෑස්ති වෙන්න. තත්පර 30කින් හරි ඊට අඩුවෙන් හරි ඔයාගේ උත්තරේ දෙනවා නම් ‘මුවින් කරන ප්‍රශංසාවෙන්’ දෙවියන්ට ගෞරවය දෙන්න ගොඩක් අයට අවස්ථාව ලැබෙයි.—හෙබ්‍රෙ 13:15.

ගීතිකාවලින්. හොඳට කට ඇරලා ගීතිකා කියන්න. (ගීතා 147:1) ඔයා ඉන්නේ ටිකක් ලොකු සභාවක නම් සමහරවිට ඔයාට හැමදාම උත්තර දෙන්න බැරි වෙයි. ඒත් ඔයාට හැම රැස්වීමකදීම ගීතිකා කියන්න නම් අවස්ථාව ලැබෙනවා. ඔයාට ලස්සනට සින්දු කියන්න බැහැ කියලා හිතුණත් ඔයාගේ උපරිමයෙන් ගීතිකා කියන්න. මොකද ඒකෙන් යෙහෝවා ගොඩක් සතුටු වෙනවා. (2කොරි 8:12) ඔයාට ගෙදරදීම ගීතිකා කියන්න ලෑස්ති වෙලා යන්නත් පුළුවන්.

‘අපේ ඉතිහාස කතාව - ත්‍යාගයකි ගීතිකා, 1වෙනි කොටස’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

යෙහෝවාගේ නමට ප්‍රශංසා කරන එක වැදගත් කියලා අපේ සංවිධානය මුල ඉඳන්ම පෙන්වලා තියෙන්නේ කොහොමද?

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) ia 14 පරි. 1-13¶

සාරාංශය (විනා. 3යි) | 2024 තුන්දින සමුළුවේ ගායනා කරන අලුත් ගීතිකාව සහ යාච්ඤාව