Skip to content

පටුනට යන්න

මාර්තු 3-9

හිතෝපදේශ 3

මාර්තු 3-9

ගීතිකාව 8 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. යෙහෝවාව විශ්වාසයි කියලා පෙන්නන්න

(විනා. 10යි)

ඔයා ගැන නෙවෙයි යෙහෝවා ගැන විශ්වාසය තියන්න (හිතෝ 3:5; ijwbv 14 ලිපිය 4-5¶)

යෙහෝවාගේ මඟ පෙන්වීම් ලබාගෙන ඒවා අදාළ කරගන්න (හිතෝ 3:6; ijwbv 14 ලිපිය 6-7¶)

ඔයාගේ හැකියාවන් ගැන ඕනෑවට වඩා විශ්වාසය තියන්න එපා (හිතෝ 3:7; be 76 4¶)

මේ ගැන හිතන්න. ‘ජීවිතේ හැම අවස්ථාවකදීම මං යෙහෝවාගේ මඟ පෙන්වීම් හොයනවාද?’

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • හිතෝ 3:3—නොසැලෙන ආදරෙයි, විශ්වාසවන්තකමයි ගෙල වටේ බැඳගන්න, හිත කියන පුවරුවේ ලියාගන්න කියද්දී අදහස් කරන්නේ මොකක්ද? (w06 9/15 17 7¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) හිතෝ 3:1-18 (th 12 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) ගෙයින් ගෙට. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (lmd 1 පාඩමේ 5 කරුණ)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 4යි) පොදු සේවය. jw.org එක ගැන කියලා කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (lmd 3 පාඩමේ 3 කරුණ)

6. දේශනය

(විනා. 5යි) w11 3/15 14 7-10—තේමාව: මිනිස්සු ශුභාරංචියට උනන්දුවක් දක්වන්නේ නැති වෙලාවලදීත් දෙවියන් ගැන විශ්වාසය තියන්න. (th 20 පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 124

7. යෙහෝවාගේ සංවිධානය ගැන විශ්වාසය තියන්න

(විනා. 15යි) සාකච්ඡාවක්.

බයිබලේ තියෙන මඟ පෙන්වීම් සාමාන්‍යයෙන් අපි ඉක්මනින්ම පිළිගත්තත් සංවිධානයේ පෙරමුණ ගන්න, පාපය උරුම කරගත්ත අයගෙන් ලැබෙන මඟ පෙන්වීම් පිළිගන්න අපිට අමාරු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මඟ පෙන්වීම දෙන හේතුව තේරෙන්නේ නැත්නම්, අපි ඒකට අකමැති නම් ඒක පිළිගන්න අමාරුයි.

මලාකි 2:7 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • යෙහෝවා ඔහුගේ සෙනඟට මඟ පෙන්නන්න පව්කාර මිනිස්සුන්ව පාවිච්චි කරපු එක ගැන අපි පුදුම වෙන්නේ නැත්තේ ඇයි?

මතෙව් 24:45 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • යෙහෝවාගේ සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම් අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි?

හෙබ්‍රෙව් 13:17 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • යෙහෝවා පත් කරපු අය දෙන මඟ පෙන්වීම්වලට අපි කීකරු වෙන්න ඕනෙ ඇයි?

‘2021 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 9, කෙටි වීඩියෝව’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • වසංගත කාලේදී සංවිධානයෙන් අපිට ලැබුණ මඟ පෙන්වීම් නිසා සංවිධානය ගැන ඔයාගේ විශ්වාසය වැඩි වුණේ කොහොමද?

8. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 57 සහ යාච්ඤාව