ඇල්බේනියාවේදී යේසුස්ගේ මරණය සිහි කිරීමට ආරාධනා කරමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2017 මාර්තු 

අත්හදා බලන්න යෝජනා

‘මුරටැඹ’ සඟරාව සඳහා සහ දෙවිගේ රාජ්‍ය ගැන බයිබලයෙන්ම පෙන්වන්න උදව් වෙන අත්හදා බලන්න යෝජනා. අත්හදා බලන්න යෝජනා උදව්වට අරගෙන ඔයාගේ යෝජනාව ලියන්න.

දේවවචනය නිධානයක්

“ඔබව ගලවාගැනීමට මම ඔබ සමඟ සිටිමි”

යෙහෝවා දෙවි යෙරෙමියාව අනාගතවක්තෘවරයෙක් විදිහට පත් කලාම යෙරෙමියාට දැනුනේ එයා ඒකට සුඳුසු නැහැ කියලයි. යෙහෝවා දෙවි එයාට උදව් කරනවා කියලා සහතික වුණේ කොහොමද?

දේවවචනය නිධානයක්

දෙවි කැමති දේ කරන එක එයාලා අතහැරියා

හිතාමතාම වැරදි කරලා පුරුද්දක් විදිහට පූජා ඔප්පු කළොත් පව්වලට සමාව ලැබෙයි කියලයි ඊශ්‍රායෙල්වරු හිතුවේ. යෙරෙමියා බය නැතුව ඊශ්‍රායෙල්වරු කරපු වැරදි, කුහකකම් ගැන කිව්වා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘දේවකැමැත්ත කරන්න’ සඟරාව පාවිච්චි කරන විදිහ

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන, අපේ සේවය ගැන වගේම අපේ සංවිධානය ගැන තොරතුරු බයිබල් ශිෂ්‍යාට කියලා දෙන්න මේ සඟරාව පාවිච්චි කරන්න

දේවවචනය නිධානයක්

සාර්ථක වෙන්න යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ඕනෙමයි

අතීත ඊශ්‍රායෙලයේ, යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වුණු අය කිසිම අඩුවක් නැති, සාමය, සතුට පිරුණු ජීවිතයක් අද්දැක්කා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දෙවිට සවන් දෙන්න සඟරාව පාවිච්චි කරන විදිහ

කියවලා තේරුම්ගන්න අමාරු අයට පින්තූර සහ බයිබල් පද පාවිච්චි කරලා මූලික බයිබල් සත්‍යයන් කියලා දෙන්න.

දේවවචනය නිධානයක්

ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිව අමතක කළා

කිලෝමීටර් 500ක් දුර ගිහින් ලිනන් පටිය හංගන්න කියලා යෙරෙමියාට දුන්න පැවරුමෙන් යෙහෝවා දෙවි පෙන්නුවේ මොකක්ද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෙහෝවා දෙවි ගැන නිතරම හිතන්න පවුලේ අයට උදව් කරන්න

සතිපතා පවුලේ නමස්කාරය අර්ථවත්ව කළොත් යෙහෝවා දෙවි ගැන නිතරම හිතන්න පවුලේ අයට උදව් කරන්න පුළුවන්. පවුලේ නමස්කාරයට බාධා වෙන දේවල් ජය ගන්න පුළුවන් කොහොමද?