Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘දේවකැමැත්ත කරන්න’ සඟරාව පාවිච්චි කරන විදිහ

‘දේවකැමැත්ත කරන්න’ සඟරාව පාවිච්චි කරන විදිහ

මේ සඟරාව හදලා තියෙන්නේ ශිෂ්‍යයා එක්ක බයිබල් පාඩමක් කරන හැම වතාවකම පාඩමට කලින් හරි පස්සේ හරි සාකච්ඡා කරන්නයි. * මුල් පාඩම් හතර අපි ගැන හඳුන්වලා දෙනවා. 5-14 පාඩම්වල තියෙන්නේ අපේ සේවය ගැන. 15-28 පාඩම්වල අපේ සංවිධානය ගැන විස්තර කරනවා. ශිෂ්‍යයා යම් විෂයක් ගැන ඉගෙනගන්න උනන්දුවක් පෙන්නුවොත් ඇරෙන්න වඩාත්ම සුදුසු වෙන්නේ මේ සඟරාවේ මුල ඉඳන් පිළිවෙළට සාකච්ඡා කරන එකයි. පාඩමකට වෙන් කරලා තියෙන්නේ එක පිටුවයි. ඒ නිසා විනාඩි 5ත් 10ත් අතර කාලයකින් පාඩමක් සාකච්ඡා කරන්න පුළුවන්.

  • පාඩමේ මාතෘකාවට අවධානය දෙන්න

  • පාඩමේ තියෙන තොරතුරු එක සැරේම හරි කොටස් විදිහට හරි ශිෂ්‍යයා එක්ක කියවන්න

  • කියවපු දේ ගැන සාකච්ඡා කරන්න. පින්තූර ගැනත් පිටුවේ අන්තිමට තියෙන ප්‍රශ්න ගැනත් කතා කරන්න. ශිෂ්‍යයාට ගැළපෙන බයිබල් පද කියවලා ඒවා සාකච්ඡා කරන්න. මාතෘකාවෙන් අහන ප්‍රශ්නයට උත්තර දීලා තියෙන්නේ උපමාතෘකාවලින් කියලා පෙන්වන්න

  • පාඩමක “යෝජනාවක්” කියන කොටුව තියෙනවා නම් ශිෂ්‍යයා එක්ක ඒක කියවලා ඒකේ තියෙන දේ කරන්න ශිෂ්‍යයාව දිරිගන්වන්න

^ 3 ඡේ. අලුත්ම තොරතුරු ඇතුළත් සඟරාව අපේ වෙබ් අඩවියේ තියෙනවා.