Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දෙවිට සවන් දෙන්න සඟරාව පාවිච්චි කරන විදිහ

දෙවිට සවන් දෙන්න සඟරාව පාවිච්චි කරන විදිහ

‘දෙවිට සවන් දෙන්න’ සඟරාව හදලා තියෙන්නේ කියවන්න අමාරු අයට පින්තූරවලින් බයිබලයේ තියෙන දේවල් උගන්වන්න. ඒ පින්තූර සකස් කරලා තියෙන්නේ හොඳට හිතලා. සාකච්ඡා කරන්න ඕන පිළිවෙළ පුංචි ඊතලවලින් පෙන්වලා තියෙනවා.

‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ සඟරාවේ තියෙන්නෙත් ‘දෙවිට සවන් දෙන්න’ සඟරාවේ තියෙන පින්තූරමයි. ඒත් ඒ සඟරාවේ තොරතුරු විස්තර කරලා තියෙන නිසා ටිකක් හරි කියවන්න පුළුවන් අයට ඒකෙන් පාඩම කරන්න පුළුවන්. ශිෂ්‍යයා බලන්නේ ‘දෙවිට සවන් දෙන්න’ සඟරාව වුණත් ප්‍රචාරකයාට පුළුවන් ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ සඟරාව පාවිච්චි කරන්න. හුඟක් පිටුවල අමතර තොරතුරු තියෙන පොඩි කොටුවක් තියෙනවා. ශිෂ්‍යයාගේ තත්වය අනුව ඒවා සාකච්ඡා කරන්න පුළුවන්.

මේ සඟරා ඕනෙම මාසෙකදී ඉදිරිපත් කරන්න පුළුවන්. පාඩම කරද්දී පින්තූර පෙන්වලා බයිබලයේ තියෙන වාර්තාව විස්තර කරන්න. ශිෂ්‍යයාව සාකච්ඡාවට හවුල් කරගන්නත් කතා කරන දේ තේරෙනවද බලන්නත් එයාගෙන් ප්‍රශ්න අහන්න. පිටුව යටින් තියෙන බයිබල් පද කියවලා සාකච්ඡා කරන්න. සඟරාව පාඩම් කරලා ඉවර වුණාම ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතෙන් පාඩම දිගටම කරලා ශිෂ්‍යයාට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න.