Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | යෙරෙමියා 12-16

ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිව අමතක කළා

ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිව අමතක කළා

යුදයෙත් යෙරුසලමෙත් හිටිය මුරණ්ඩු සෙනඟව විනාශ කරන්න දෙවි තීරණය කරලා තියෙනවා කියලා පෙන්වන්න යෙහෝවා දෙවි යෙරෙමියාට අභියෝගාත්මක පැවරුමක් දුන්නා.

යෙරෙමියා ලිනන් රෙදිවලින් හදපු පටියක් ගෙනාවා

13:1, 2

  • ඉණ වටේ බැඳගත්ත පටියෙන් නියෝජනය වුණේ යෙහෝවා දෙවිත් සෙනඟත් අතර කිට්ටු බැඳීමක් පවත්වන්න තිබුණු අවස්ථාවයි

යෙරෙමියා ඒ පටිය යුප්‍රටීස් ගඟ ළඟට අරන් ගියා

13:3-5

  • එයා ඒක පර්වත විවරයක හංගලා ආයෙත් යෙරුසලමට ආවා

යෙරෙමියා යුප්‍රටීස් ගඟ ළඟට ගිහින් ඒ පටිය ගත්තා

13:6, 7

  • ඒ පටිය හොඳටම දිරාපත් වෙලා තිබුණා

යෙරෙමියා ඒ පැවරුම කළාට පස්සේ යෙහෝවා දෙවි ඒකෙන් අදහස් කරන දේ විස්තර කළා

13:8-11

  • තමන්ට ලැබුණු පැවරුම වැදගත් දෙයක් විදිහට පෙනුණේ නැතත් යෙරෙමියා ඒක ඉටු කරපු නිසා යුදෙව්වන්ට කාවදින විදිහට පණිවිඩය ඉදිරිපත් කරන්න පුළුවන් වුණා