Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෙහෝවා දෙවි ගැන නිතරම හිතන්න පවුලේ අයට උදව් කරන්න

යෙහෝවා දෙවි ගැන නිතරම හිතන්න පවුලේ අයට උදව් කරන්න

එන්න යන විනාශය ගැන යුදෙව්වන්ට කියන්න කියලා යෙහෝවා දෙවි යෙරෙමියාට කිව්වේ සෙනඟ දෙවිව අමතක කරපු නිසයි. (යෙරෙ 13:25) එයාලට දෙවිව අමතක වුණේ ඇයි? ඒක වුණේ ඊශ්‍රායෙලයේ හිටිය හැම පවුලක්ම දෙවි එක්ක තිබුණු බැඳීම නැති කරගෙන තිබුණු නිසයි. පවුල් මූලිකයන් ද්විතීය කතාව 6:5-7 තිබුණු මඟ පෙන්වීම් පිළිපැද්දේ නැහැ කියලා ඒකෙන් පැහැදිලියි.

සභාවන් ශක්තිමත් වෙන්න සභාවල ඉන්න පවුල්වලට දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියෙන්න ඕනේ. පවුලේ මූලිකයන් අර්ථවත් විදිහට සතිපතා පවුලේ නමස්කාරය කරද්දී පවුලේ හැමෝටම පුළුවන් වෙනවා යෙහෝවා දෙවි ගැන නිතරම හිතලා වැඩ කරන්න. (ගීතා 22:27) ‘“ඔබට කියා දෙන මේ වචන හොඳින් සිතේ තබාගන්න”—සම්මුඛ සාකච්ඡා’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • පවුලේ නමස්කාරය කරගෙන යන්න බාධා වෙන දේවල් සමහර පවුල් ජය අරන් තියෙන්නේ කොහොමද?

  • අර්ථවත් විදිහට සතිපතා පවුලේ නමස්කාරය කරද්දී ලැබෙන ආශීර්වාද සමහරක් මොනවද?

  • පවුලේ නමස්කාරය කරන්න මට තියෙන අභියෝග මොනවද? ඒවා ජය ගන්න මට කරන්න පුළුවන් මොනවද?