Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - සූදානම් වෙන්න ශිෂ්‍යයන්ට උගන්වන්න

සේවයේ දක්ෂ වීමට - සූදානම් වෙන්න ශිෂ්‍යයන්ට උගන්වන්න

ඒක වැදගත් ඇයි? එයාලා හොඳින් සූදානම් වුණාම අපි උගන්වන දේවල් හොඳින් තේරුම්ගන්නත් ඒවා මතක තියාගන්නත් එයාලට පුළුවන්. සත්‍යය තුළ හොඳින් දියුණු වෙන්න ඒක එයාලට උදව් වෙයි. බව්තීස්ම වුණාට පස්සෙත් එයාලා රැස්වීම්වලට සහ සේවයට හොඳින් සූදානම් වුණොත් විතරයි එයාලට ‘සෝදිසියෙන් ඉන්න’ පුළුවන් වෙන්නේ. (මතෙ 25:13) හොඳින් අධ්‍යයනය කරන විදිහ ගැන දැනගෙන ඉන්න එකත් හොඳ අධ්‍යයන පුරුදු ඇති කරගන්න එකත් එයාලගේ ජීවිත කාලයටම ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා පාඩම පටන්ගන්න මුල් කාලේ ඉඳලාම හොඳ අධ්‍යයන පුරුදු ඇති කරගන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න ඕනේ.

ඒක කරන්නේ කොහොමද?

  • හොඳ ආදර්ශයක් වෙන්න. (රෝම 2:21) ශිෂ්‍යයාව මනසේ තියාගෙන පාඩමට සූදානම් වෙන්න. (km 11/15 3) ඔයා පාඩමට සූදානම් වෙලා තියෙන විදිහ ශිෂ්‍යයාට පෙන්වන්න

  • හොඳින් සූදානම් වෙන්න ශිෂ්‍යයාව දිරිගන්වන්න. පාඩමට හොඳින් සූදානම් වෙන එක කොයි තරම් වැදගත්ද කියලත් ඒකෙන් මොන තරම් ප්‍රයෝජන ලැබෙනවාද කියලත් පාඩම පටන්ගන්න මුල් කාලේදීම එයාට කවද්දන්න. සූදානම් වෙන්න කාලය හොයාගන්න පුළුවන් විදි ගැන යෝජනා දෙන්න. සූදානම් වෙන එකේ වටිනාකම තේරුම් කරන්න සමහරු එක අවස්ථාවකදී තමන් සූදානම් වුණු පොත ශිෂ්‍යයාට දීලා පාඩම කරනවා. ශිෂ්‍යයා පාඩමට සූදානම් වෙලා නම් එයාව අගය කරන්න

  • සූදානම් වෙන විදිහ පෙන්වන්න. සමහර අය පාඩම පටන්ගත්ත මුලදීම පාඩමට යන එක අවස්ථාවක් යොදාගන්නවා පාඩමට හොඳින් සූදානම් වෙන විදිහ ගැන විතරක් කියලා දෙන්න