Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | මතෙව් 25

“සෝදිසියෙන් සිටින්න”

“සෝදිසියෙන් සිටින්න”

25:1-12

අවිවාහක තරුණියන් දහදෙනා ගැන උපමාව යේසුස් මූලිකවම කිව්වේ අභිෂේක ලත් අයට වුණත් ඒකෙන් දීපු මේ පණිවිඩය සියලුම ක්‍රිස්තියානීන්ට අදාළ වෙනවා. (w15 3/15 12-16) “එමනිසා සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබ ඒ දවසවත් පැයවත් දන්නේ නැහැ.” (මතෙ 25:13) ඔයාට පුළුවන්ද ඒ උපමාවේ අර්ථය පැහැදිලි කරන්න?

  • මනාලයා (1වෙනි පදය)—යේසුස්

  • සූදානම්ව සිටින නුවණ ඇති තරුණියන් (2වෙනි පදය)—තමන්ගේ පැවරුම විශ්වාසවන්තව ඉටු කරමින් අන්තිමය දක්වාම දැල්වෙන පහන් මෙන් බැබළෙන අභිෂේක ලත් අය (ෆිලි 2:15)

  • “මෙන්න මනාලයා ඇවිත්!” කියා ඇහෙන හඬ (6වෙනි පදය)—යේසුස් පැමිණ සිටින කාලය ආරම්භ වෙලා කියලා තේරුම්ගන්න තියෙන සාක්ෂි

  • නුවණ නැති තරුණියන් (8වෙනි පදය)—මනාලයාව බලන්න පිටත් වුණත් දිගටම සෝදිසියෙන් සහ විශ්වාසවන්තව ඉන්නේ නැති අභිෂේක ලත් ක්‍රිස්තියානීන්

  • නුවණ ඇති කන්‍යාවන් තෙල් දෙන්න කැමති වුණේ නැහැ (9වෙනි පදය)—අවසන් මුද්‍රාව ලැබුණාට පස්සේ විශ්වාසවන්ත අභිෂේක ලත් අයට පුළුවන් වෙන්නේ නැහැ අවිශ්වාසවන්ත වුණු කිසි කෙනෙකුට උදව් කරන්න. මොකද ඒ වෙනකොට ප්‍රමාද වැඩියි

  • “මනාලයා පැමිණෙනවා” (10වෙනි පදය)—යේසුස් විනිශ්චය කරන්න එන්නේ මහත් පීඩාව අවසන් වෙන්න කිට්ටු වෙද්දියි

  • සූදානම්ව සිටි තරුණියන් මනාලයා සමඟ විවාහ උත්සවයට යනවා. ඊටපස්සේ දොර වහලා දානවා (10වෙනි පදය)—යේසුස් ඇවිත් විශ්වාසවන්ත අභිෂේක ලත් අයව ස්වර්ගයට රැස් කරනවා. ඒත් අවිශ්වාසවන්ත අයට ඒ අවස්ථාව අහිමි වෙනවා