Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | මතෙව් 20-21

“ඔබ අතරෙහි උතුම් වෙන්න ඕනෑ කරන යමෙක් සිටිනවා නම් ඔහු ඔබේ සේවකයා විය යුතුයි”

“ඔබ අතරෙහි උතුම් වෙන්න ඕනෑ කරන යමෙක් සිටිනවා නම් ඔහු ඔබේ සේවකයා විය යුතුයි”

20:28

පරිසිවරුන්ට සහ නීතිය පිටපත් කරන්නන්ට ඕන වුණේ මිනිසුන් අතරේ කැපීපෙනෙමින් එයාලගේ ප්‍රසාදය ලබාගන්න

උඩඟු විදිහට වැඩ කරපු නීතිය පිටපත් කරන්නන් සහ පරිසිවරු උත්සාහ කළේ අනිත් අය අතරේ කැපීපෙනෙමින් උසස් තනතුරු දරන්න. (මතෙ 23:5-7) හැබැයි යේසුස් ඊට වඩා වෙනස්. ඔහු කිව්වේ ‘මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොවෙයි, සේවය කරන්න’ කියලයි. (මතෙ 20: 28) නමස්කාරයට සම්බන්ධ කටයුතුවල අපි හවුල් වෙන්නේ ඇයි? කැපීපේන්නද? අනිත් අයගේ ප්‍රශංසාව ලබන්නද? අපි යේසුස්ව අනුකරණය කරනවා නම් අපි උත්සාහ කරන්නේ අනිත් අය වෙනුවෙන් සේවය කරන්න. අපි එහෙම කරද්දී හුඟක් වෙලාවට අනිත් අයට පේන්නේ නැහැ. ඒවා දකින්නේ යෙහෝවා දෙවි විතරයි. (මතෙ 6:1-4) නිහතමානීව සේවය කරන කෙනෙක් . . .

  • නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරන්නත් නඩත්තු කරන්නත් හවුල් වෙනවා

  • මහලු අය ඇතුළු හැමෝටම කැමැත්තෙන්ම උදව් කරනවා

  • රාජ්‍යයේ කටයුතු වෙනුවෙන් ධන සම්පත් පරිත්‍යාග කරනවා