යහපත් ක්‍රිස්තියානීන් වෙමු
මත්පැන් ගැන හරි තීරණ ගන්න
මත්පැන් ගන්නවාද නැද්ද කියලා තීරණය කරද්දී ක්‍රිස්තියානීන් තමන්ව පාලනය කරගන්න එක හරිම වැදගත්. (හිතෝ 23:20, 29-35; 1කොරි 6:9, 10) කෙනෙක් මත්පැන් ගන්න තීරණය කරනවා නම් ඒකටත් සීමාවක් තියාගන්න ඕනේ. ඒ වගේම මත්පැන්වලට ඇබ්බැහි වෙන එකෙනුත් අනිත් අයට බාධාවක් වෙන විදිහට මත්පැන් බොන එකෙනුත් එයා වළකින්න ඕනේ. (1කොරි 10:23, 24; 1තිමෝ 5:23) අපි කිසිම කෙනෙක්ට, විශේෂයෙන්ම යෞවනයෙක්ට මත්පැන් ගන්න කියලා බල කරන්න හොඳ නැහැ.
‘බොන්නට පෙර සිතා බලන්න!’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
මත්පැන් ගැන රජයෙන් දාලා තියෙන නීතිවලට අපි කීකරු වෙන්න ඕනෙ ඇයි?—රෝම 13:1-4
-
මත්පැන් ගන්න කියලා අනිත් අය බල කරද්දී අපි ඒකට අහු වෙන්න හොඳ නැත්තේ ඇයි?—රෝම 6:16
-
මත්පැන් නිසා වෙන්න පුළුවන් අනතුරුවලින් බේරෙන්නේ කොහොමද?