Skip to content

පටුනට යන්න

සේවය හොඳින් කරන්න ඉගෙනගමු | සේවයේ සතුට තවත් වැඩි කරගන්න

ප්‍රධාන කරුණු පැහැදිලි කරන්න උදාහරණ පාවිච්චි කරන්න

ප්‍රධාන කරුණු පැහැදිලි කරන්න උදාහරණ පාවිච්චි කරන්න

අපිත් එක්ක නැවත බැලීම් සහ බයිබල් පාඩම් කරන අයට ප්‍රධාන කරුණු තේරුම්ගන්න අපි උදව් කරන්න ඕනේ. ඒක කරන්න අපි උදාහරණ පාවිච්චි කරනවා නම් උගන්වන දේවල් එයාලගේ හදවතටම යනවා. ඒ දේවල් මතක තියාගන්නත් එයාලට ලේසි වෙනවා.

නැවත බැලීමකට හරි බයිබල් පාඩමකට හරි සූදානම් වෙද්දී හැම පුංචි කරුණකටම අවධානය දෙන්නේ නැතුව පැහැදිලි කරන්න ඕනෙ ප්‍රධාන කරුණු මොනවාද කියලා අඳුරගන්න. ඊටපස්සේ ඒවා පැහැදිලි කරන්න උදව් වෙන හුරු පුරුදු, සරල උදාහරණ තෝරගන්න. (මතෙ 5:14-16; මාක් 2:21; ලූක් 14:7-11) උදාහරණයක් තෝරගද්දී ඔයා කතා කරන කෙනාගේ පසුබිම සහ එයා කරන දේවල් සැලකිල්ලට ගන්න. (ලූක් 5:2-11; යොහ 4:7-15) ඔයා පැහැදිලි කරන්න හදපු දේ තේරිලා එයාගේ මූණ සතුටින් පිරෙනවා දකිද්දී ඔයාටත් ලොකු සතුටක් දැනෙයි.

‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - ප්‍රධාන කරුණු පැහැදිලි කරන්න උදාහරණ පාවිච්චි කරන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • බයිබල් පද තේරුම්ගන්න ශිෂ්‍යයන්ට අපේ උදව් ඕනෙ ඇයි?

  • රෝම 5:12 තියෙන දේ නීටා උදාහරණයකින් පැහැදිලි කළේ කොහොමද?

  • හොඳ උදාහරණ හිතට වදිනවා

    හොඳ උදාහරණ පාවිච්චි කරන එක ශිෂ්‍යයන්ට උදව් වෙන්නේ කොහොමද?

  • සංවිධානයෙන් දීලා තියෙන වීඩියෝ සහ ඉගැන්වීම් කට්ටලයේ තියෙන අනිත් දේවල් අපි සේවයේදී පාවිච්චි කරන්න ඕනෙ ඇයි?