Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෙහෝවා දෙවියන් අපිව හික්මවන්නේ ආදරේ නිසයි

යෙහෝවා දෙවියන් අපිව හික්මවන්නේ ආදරේ නිසයි

හික්මවීමකට උපදෙසක්, දැනුවත් කිරීමක්, නිවැරදි කිරීමක් වගේම දඬුවමක් ඇතුළත් වෙන්න පුළුවන්. යෙහෝවා දෙවියන් අපිව හික්මවන නිසා ඔහු පිළිගන්න විදිහට නමස්කාර කරන්න අපිට පුළුවන් වෙනවා. (රෝම 12:1; හෙබ්‍රෙ 12:10, 11) හික්මවීමක් ලැබෙන එක වේදනාවක් වුණත් ඒකෙන් ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්නත් ආශීර්වාද ලබන්නත් පුළුවන්. (හිතෝ 10:7) හික්මවීම් දෙන අයත් ලබන අයත් මතක තියාගන්න ඕනෙ මොනවාද?

හික්මවීම් දෙන අය. වැඩිමහල්ලන්, දෙමාපියන් ඇතුළු හික්මවීම් දෙන හැම කෙනෙක්ම යෙහෝවා දෙවියන් වගේ කරුණාවන්තව, ආදරෙන් ඒක කරන්න උපරිමයෙන් උත්සාහ කරනවා. (යෙරෙ 46:28) කෙනෙක්ට තද හික්මවීමක් දෙද්දී වුණත් අවස්ථාවට ගැළපෙන විදිහට ආදරෙන් ඒ හික්මවීම දෙන්න ඕනේ.—තීත 1:13.

හික්මවීම් ලබන අය. පව්කාරකම උරුම වෙලා තියෙන නිසා අපි හැමෝටම හික්මවීම් ඕනේ. හික්මවීමක් මොන විදිවලින් ලැබුණත් අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඉක්මනින්ම අදාළ කරගන්න ඕනේ. (හිතෝ 3:11, 12) බයිබලයෙන්, රැස්වීම්වලින් අපිට හික්මවීමක් ලැබෙන්න පුළුවන්. කෙනෙක්ට විනිශ්චය කමිටුවකින් හික්මවීමක් ලැබෙන්නත් පුළුවන්. අපි හික්මවීමක් කැමැත්තෙන්ම පිළි අරන් අදාළ කරගන්නවා නම් දැන් සතුටින් ඉන්නත් සදාකාල ජීවනය ලබන්නත් අවස්ථාව ලැබෙනවා.—හිතෝ 10:17.

‘“යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන අයට හික්මවීම් ලබා දෙන්නේය”’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • කැනන් පොඩි කාලේ ගත කළේ මොන වගේ ජීවිතයක්ද? ඒක වෙනස් වුණේ කොහොමද?

  • යෙහෝවා දෙවියන් එයාට ආදරෙන් හික්මවීම් ලබා දුන්නේ කොහොමද?

  • යෙහෝවා දෙවියන්ගෙන් ලැබෙන හික්මවීම් කැමැත්තෙන්ම පිළිගන්න

    එයාගේ අද්දැකීමෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?