Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සත්‍යය හැර ගිය අයගෙන් පරෙස්සම් වෙමු!

සත්‍යය හැර ගිය අයගෙන් පරෙස්සම් වෙමු!

සාතන් සහ එයාගේ ඉත්තන් සත්‍යයත් එක්ක බොරු කලවම් කරලා අපේ විශ්වාසය බිඳලා දාන්න හදනවා. (2කොරි 11:3) මතකද යෙහෝවාගේ සෙනඟව අධෛර්යය කරන්න ඇසිරියානුවන් පට්ටපල් බොරු කිව්වා. එයාලා ඇත්තක් කිව්වත් කිව්වේ බාගෙට. (2ලේක 32:10-15) අද ඉන්න සත්‍යය හැර ගිය අයත් කරන්නේ ඒකමයි. ඒ අයගේ ඉගැන්වීම් ඇහුණොත් නැත්නම් දැක්කොත් අපි මොනවාද කරන්න ඕනේ? ඒවා මාරාන්තික විස කියලා මතක තියාගන්න! ඒවා කියවන්න එපා. උත්තර බඳින්න යන්න එපා. අනිත් අයට කියන්නත් එපා. යෙහෝවා සහ ඔහුගේ සංවිධානය ගැන සැක ඇති කරන දේවල් දුටු තැන අඳුරගන්න. ඒවා එක පයින්ම ප්‍රතික්ෂේප කරන්න.—යූද් 3, 4.

‘විශ්වාස කරන සියල්ලට ඇලී සිටීම සඳහා මහත් සටනක නිරත වෙන්න - කෙටි වීඩියෝව’ බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ඉන්ටනෙට් එකේ සංවාද කුටි පාවිච්චි කරද්දී අපි ගොඩක් පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

  • රෝම 16:17 තියෙන උපදෙස පිළිපදින්න අපිට පුළුවන් කොහොමද?