Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ඔයා ඕඩියෝ බයිබලයට ඇහුම්කන් දෙනවාද?

ඔයා ඕඩියෝ බයිබලයට ඇහුම්කන් දෙනවාද?

ඕඩියෝ බයිබලය කියන්නේ මොකක්ද? ඒ තමයි රෙකෝඩ් කරපු ‘නව ලොව පරිවර්තනය.’ බයිබලයේ පොතක් රෙකෝඩ් කරපු ගමන්ම ඒක මුදාහරිනවා. හැම භාෂාවකින්ම වගේ රෙකෝඩ් කරන්නයි සංවිධානය උත්සාහ කරන්නේ. එක එක චරිතවලට වෙනස් කටහඬවල් පාවිච්චි කරන එක මේකේ තියෙන විශේෂත්වයක්. හඬ කවන අය කියවන කොටසට ගැළපෙන විදිහට හැඟීම් මුසු කරන නිසා බයිබලේ තියෙන පණිවිඩය හරිම විදිහට මතු කරන්න පුළුවන් වෙලා තියෙනවා.

සමහරු මේ බයිබලය පාවිච්චි කරන්නේ කොහොමද? දෙවියන්ගේ වචනයට පණ පොවන නිසා සමහරු මේ බයිබලය හැමදාම වගේ අහනවා. එයාලා කියන්නේ එක එක කටහඬවල් තියෙන නිසා සිද්ධීන් හිතින් මවාගන්නත් ලියලා තියෙන දේ තේරුම්ගන්නත් හරිම ලේසියි කියලා. (හිතෝ 4:5) කනස්සල්ලෙන් හිටපු හුඟදෙනෙක්ට එයාලගේ හිත සන්සුන් කරගන්නත් ඕඩියෝ බයිබලය උදව් වෙලා තියෙනවා.—ගීතා 94:19.

දෙවියන්ගේ වචනය අපේ කන්වලට ඇහෙද්දී ඒක අපේ හිතට තදින්ම දැනෙනවා. (2ලේක 34:19-21) ඔයාගේ භාෂාවෙනුත් ඕඩියෝ බයිබලේ තියෙනවා නම් ඒකට ඇහුම්කන් දෙන එක පුරුද්දක් කරගන්න පුළුවන්ද?

‘ඕඩියෝ බයිබලය සකස් කරන විදිහ - කෙටි වීඩියෝව’ බලලා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.

ඕඩියෝ බයිබලය සකස් කරන විදිහ ගැන ඔයාගේ හිත ගියේ මොකටද?