Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

කතාබහක් පටන්ගන්න එක අමාරුම නැහැ!

කතාබහක් පටන්ගන්න එක අමාරුම නැහැ!

මිනිස්සුත් එක්ක නිකන් කතාබහ කරකර ඉන්න අවස්ථාවල එයාලට අපේ පණිවිඩේ කියන්නත් අවස්ථා හම්බෙනවා. හැබැයි කොයි වෙලේ, කොහොමද කියන්නේ කියලා හිතලා වද වුණොත් අපි ටිකක් කලබල වෙන්න ඉඩ තියෙනවා. මොනවාද අපිට කරන්න පුළුවන්? ඒ කෙනා ගැන පෞද්ගලික සැලකිල්ලක් දක්වන්න. (මතෙ 22:39; ෆිලි 2:4) එහෙම කරද්දී සත්‍යය ගැන ලේසියෙන්ම කතා කරන්න පුළුවන් වෙයි. ඒ වැඩේ තව ලේසි කරන්න අපිට ඕනෙ තරම් දේවල් තියෙනවා.

කතා කරකර ඉන්න දෙයක් ගැන බයිබලේ කියන දේ පෙන්නන්න පහළ තියෙන දේවල් උදව් වෙන්නේ කොහොමද?

‘යකඩින් යකඩ මුවහත් වෙයි - කතාබහක් පටන්ගන්න’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.

කතාබහක් පටන්ගන්න අපිට උදව් වෙන පියවර තුන මොනවාද?