Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ආර්ථික අර්බුදයකට මූණ දෙන්න ඔයා ලෑස්තිද?

ආර්ථික අර්බුදයකට මූණ දෙන්න ඔයා ලෑස්තිද?

ලෝකේ ආර්ථිකය අඩියටම කඩන් වැටුණත් අපි පුදුම වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා අපි ජීවත් වෙන්නේ අන්තිම කාලේ අගිස්සේ කියලා. ඒ වගේම බයිබලේ අපිට අනතුරු අඟවනවා “අවිනිශ්චිත ධන සම්පත්” ගැන විශ්වාසය තියන්න එපා කියලා. (1තිමෝ 6:17; 2තිමෝ 3:1) ආර්ථික අර්බුදයකට මූණ දෙන්න කල් තියාම ලෑස්ති වෙන එක ගැන යෙහෝෂපාට් රජගෙන් අපිට මොනවාද ඉගෙනගන්න පුළුවන්?

සතුරු තර්ජනයක් ආපු වෙලාවක යෙහෝෂපාට් යෙහෝවාව සම්පූර්ණයෙන්ම විශ්වාස කෙරුවා. (2ලේක 20:9-12) ඒ විතරක් නෙමෙයි එයා දේශය ආරක්ෂා කරන්න පියවර ගත්තා. මුර කඳවුරු පිහිටෙව්වා. (2ලේක 17:1, 2, 12, 13) අපිත් යෙහෝෂපාට් වගේ වෙමු. මුළු හිතින්ම යෙහෝවාව විශ්වාස කරමු. අමාරු කාලෙට හොඳින් මූණ දෙන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේවලුත් කරමු.

‘ඕනම විපතකට මුහුණ දෙන්න ඔයා සූදානම්ද?’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • විපතකට මූණ දෙන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් මොනවාද?

  • අනිත් අයට උදව් කරන්න ලෑස්ති වෙන්න අපිට පුළුවන් කොහොමද?