Skip to content

පටුනට යන්න

ජූනි 17-23

ගීතාවලිය 51-53

ජූනි 17-23

ගීතිකා අංක 89 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. බරපතළ වරදකට වැටෙන්නේ නැතුව ඉන්න නම් . . .

(විනා. 10යි)

මගේ අතින් නම් කවදාවත් වරදක් වෙන්නේ නැහැ කියලා හිතන්න එපා. මොකද අපි හැමෝම පව්කාරයන් (ගීතා 51:5; 2කොරි 11:3)

යෙහෝවාට ළං වෙන්න උදව් වෙන දේවල් දිගටම කරන්න (ගීතා 51:6; w19.01 15 4-5¶)

වැරදි සිතුවිලි සහ ආශාවන් එක්ක දිගටම සටන් කරන්න (ගීතා 51:10-12; w15 6/15 14 5-6¶)

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 52:2-4—දොවෙග් කියන්නේ මොන වගේ කෙනෙක්ද? (it-1-E 644)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 2යි) පොදු සේවය. ඔයාට ලේසි වෙලාවට නෙවෙයි, එයාට ලේසි වෙලාවට යන්න. (th 12වෙනි පාඩම)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 2යි) ගෙයින් ගෙට. කියන හැම දේම තියෙන්නේ බයිබලේ කියලා පෙන්නන්න. (th 4වෙනි පාඩම)

6. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 3යි) අවිධිමත්ව. දෙවියන්ගේ නම පෙන්නන්න. (th 13වෙනි පාඩම)

7. ගෝලයන් වෙන්න උදව් කරද්දී

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 115

8. වැරදි හදාගන්න පියවර ගන්න

(විනා. 15යි) සාකච්ඡාවක්.

කොච්චර උත්සාහ කළත් අපි හැමෝගෙම අතින් වැරදි වෙනවා. (1යොහ 1:8) වරදක් වුණාම ලැජ්ජාව නිසා, ඒක කිව්වොත් මොනවා වෙයිද කියන බය නිසා යෙහෝවාගෙන් උදව් නොගෙන ඉන්න එපා. ඔහුගෙන් සමාව ගන්න අදිමදි කරන්නත් එපා. (1යොහ 1:9) ඒ වෙනුවට අපි ඉස්සෙල්ලාම කරන්න ඕනෙ යෙහෝවා දිහාවට හැරෙන එක.

ගීතාවලිය 51:1, 2, 17 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • අපි අතින් බරපතළ වරදක් වුණොත් කරන්න ඕනෙ මොනවාද කියලා තේරුම්ගන්න දාවිත්ගේ වචන උදව් වෙන්නේ කොහොමද?

‘මගේ යෞවන කාලේ - මගේ වැරදි හදාගන්නේ කොහොමද?’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • ටාලියායි, ජෝසේයි වැරදිවලට වැටුණේ ඇයි?

  • වැරදි හදාගන්න එයාලා කළේ මොනවාද?

  • ඒකෙන් එයාලට ලැබුණ ප්‍රයෝජන මොනවාද?

9. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 129 සහ යාච්ඤාව