Skip to content

පටුනට යන්න

මැයි 27–ජූනි 2

ගීතාවලිය 42-44

මැයි 27–ජූනි 2

ගීතිකා අංක 86 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. යෙහෝවා උගන්නන දේවලින් උපරිම ප්‍රයෝජන ගන්න

(විනා. 10යි)

අනිත් අයත් එක්ක දෙවියන්ට නමස්කාර කරන්න ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න. පුළුවන් හැම වෙලාවකම එකට රැස් වෙන්න (ගීතා 42:4, 5; w06 6/1 9 4¶)

බයිබලය අධ්‍යයනය කරන්න කලින් යාච්ඤා කරන්න (ගීතා 42:8; w12 1/15 15 2¶)

ඔයාගේ ජීවිතේ හැම තැනකදීම ඔයාට මඟ පෙන්නන්න බයිබලේට ඉඩ දෙන්න (ගීතා 43:3)

පීඩා දරාගන්න, කැප වීමට එකඟව ජීවත් වෙන්න දෙවියන්ගේ ඉගැන්වීම් ඔයාට ලොකු හයියක් වෙයි.—1පේතෘ 5:10; w16.09 5 11-12¶.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 44:19—“හිවලුන් වසන ස්ථානය” කියන එකෙන් අදහස් කරන්න ඇත්තේ මොකක්ද? (it-1-E 1242)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 4යි) ගෙයින් ගෙට. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (th 13වෙනි පාඩම)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 5යි) ගෙයින් ගෙට. නිවැසියාට ඊළඟ බයිබල් දේශනයට ආරාධනා කරන්න. ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝ එක ගැන කියන්න. (th 11වෙනි පාඩම)

6. දේශනය

(විනා. 3යි) තේමාව: ඉස්සරහට හැමෝම නිරෝගීව ඉන්නවා.—යෙසා 33:24; 35:5, 6. (th 2වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 21

7. හොඳට හිතලා තීරණයක් ගන්න

(විනා. 15යි) සාකච්ඡාවක්.

යෞවනයෙනි, ඔයාලා ඉස්කෝලෙන් පස්සේ මොනවාද කරන්නේ කියලා හිතලා තියෙනවාද? පුරෝගාමි සේවේ කරන්න උදව් වෙන රස්සාවක් ඔයා දැනටමත් තෝරගෙන ඇති. එහෙම නැත්නම් ඒ වගේ රස්සාවක් හොයාගන්න තව පාඨමාලාවක් කළොත් වෘත්තිය පුහුණුවක් ලැබුවොත් හොඳයි කියලා ඔයාට හිතෙනවා ඇති. “මේක කරන්න, අරක කරන්න” කියලා අනිත් අයගෙන් ඔයාට ලොකු පීඩනයක් එනවාද? ඒ දේවල් මැද කොහොමද හරි තීරණයක් ගන්නේ?

මතෙව් 6:32, 33 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • ඉහළට ඉගෙනගන්න එක ගැන, රස්සාව ගැන තීරණයක් ගන්න කලින් නමස්කාරය පැත්තෙන් ඉලක්ක තියාගන්න එක වැදගත් ඇයි?

  • මතෙව් 6:32, 33 අදාළ කරගන්න දරුවන්ට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?—ගීතා 78:4-7

ගොඩක් අය ආසයි හොඳට සල්ලි හම්බ කරන්න. අනිත් අය අතරේ ප්‍රසිද්ධ වෙන්න. (1යොහ 2:15, 17) ඒ වගේ දේවල්වලට අහු වෙලා වැරදි තීරණ ගන්න එපා. සැරයක් යේසුස් කිව්වා පොහොසත් අයට සත්‍යය පිළිගන්න එකම අමාරුයි කියලා. (ලූක් 18:24-27) සල්ලි පස්සේ ගියොත් සත්‍යය තුළ දියුණු වෙන්න ඊට වඩා කොච්චර අමාරු වෙයිද?—මතෙ 6:24; මාක් 8:36.

‘නැති වී යන දේවල් ගැන විශ්වාසය තියන්න එපා - ධන සම්පත්’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  •   හොඳ තීරණ ගන්න හිතෝපදේශ 23:4, 5 උදව් වෙන්නේ කොහොමද?

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) ia 16 පරි. 1-15¶

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 47 සහ යාච්ඤාව