මිනිසුන්ට බය වෙන්න එපා
නියෝජිතයන් මිනිසුන්ට බය වෙලා යේසුස්ව අත්හැරියේ ඇයි?
-
එයාලා තමන් ගැන ඕනෑවට වඩා විශ්වාස කළා. පේතෘස් හිතුවේ අනිත් නියෝජිතයන් යේසුස්ව දාලා ගියත් ‘මං නම් කවදාවත් යේසුස්ව දාලා යන්නේ නැහැ’ කියලයි
-
එයාලා අවදියෙන් හිටියේවත් යාච්ඤා කළේවත් නැහැ
යේසුස්ගේ නැවත නැඟිටීමෙන් පස්සේ මිනිසුන්ට බය නොවී ඉන්නත් විරුද්ධවාදිකම් මැද ශුභාරංචිය දේශනා කරන්නත් නියෝජිතයන්ට පුළුවන් වුණේ කොහොමද?
-
යේසුස් කියලා දීලා තිබුණ දේවල් එයාලා හිතට ගත්තා. ඒ නිසා කොච්චර පීඩා, විරුද්ධවාදිකම් ආවත් ඒවාට හොඳින් මුහුණ දෙන්න එයාලට පුළුවන් වුණා
-
එයාලා දෙවි ගැන විශ්වාසය තියලා දෙවිට යාච්ඤා කළා.—ක්‍රියා 4:24, 29
අපි ධෛර්යවන්ත අයද කියලා සෝදිසියට ලක් වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද?