සේවය හොඳින් කරන්න ඉගෙනගමු | සේවයේ සතුට තවත් වැඩි කරගන්න
අනිත් අයගෙන් උදව් ගන්න
අපිට උදව් කරන්න යෙහෝවා දෙවියන් ‘ලොව පුරා ඉන්න’ සහෝදර සහෝදරියන්ව දීලා තියෙනවා. (1පේතෘ 5:9) සේවේදී අපි මුහුණ දෙන අභියෝග ජය ගන්න අපිට උදව් කරන්න එයාලට පුළුවන්. පාවුල්ටත් සේවේ සාර්ථකව කරන්න අකිලා සහ ප්‍රිසිලා, සීලස්, තිමෝති වගේ අය උදව් කළා.—ක්‍රියා 18:1-5.
සේවේදී ඔයාට උදව් කරන්න අනිත් අයට පුළුවන් කොහොමද? සේවේදී එන බාධා ජය ගන්න, නැවත බැලීම් ඇති කරගන්න, බයිබල් පාඩම් පටන් අරන් ඒවා දිගටම කරගෙන යන්න එයාලා ඔයාට උදව් කරයි. ඒ නිසා ඔයාට උදව් ඉල්ලන්න පුළුවන් කාගෙන්ද කියලා හොඳට හිතන්න. ඊටපස්සේ එයාගෙන් උදව් ඉල්ලන්න. ඒකෙන් ඔය දෙන්නාටම ප්‍රයෝජන ලැබෙයි. සේවෙන් ලැබෙන සතුටත් වැඩි වෙයි.—ෆිලි 1:25.
‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න - අපේ සහෝදරයන්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
රැස්වීම්වලට එන්න නීටා ලිලීව දිරිගැන්නුවේ කොහොමද?
-
බයිබල් පාඩම්වලට යද්දී අනිත් අයව එක්කගෙන යන්න ඕනෙ ඇයි?
-
ඇබිගේල් සහ ලිලී දෙන්නාම ආස මොනවාටද?
-
දක්ෂ විදිහට සේවේ කරන්න අනිත් අයගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?