Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

වටහාගැනීමේ හැකියාව දිගටම වැඩි කරගන්න

වටහාගැනීමේ හැකියාව දිගටම වැඩි කරගන්න

දක්ෂ ක්‍රීඩකයෙක්ට එයාගේ මාංස පේශි ශක්තිමත්ව තියාගන්න පුළුවන් වෙන්නේ එයා ඒ වෙනුවෙන් දිගටම මහන්සි වුණොත් විතරයි. ඒ වගේ අපිත් වටහාගැනීමේ හැකියාව වැඩි කරගන්න දිගටම මහන්සි වෙන්න ඕනේ. (හෙබ්‍රෙ 5:14) අනිත් අය ගන්න තීරණ දිහා බලලා ඒ දේවල්ම කරන එක ලේසියි කියලා අපිට හිතෙයි. හැබැයි හොඳට හිතලා බලලා හරි තීරණ ගන්න අපි හැමෝම පුරුදු වෙන්න ඕනේ. මොකද අපි එක් එක් කෙනා ගන්න තීරණ ගැන අපි යෙහෝවා දෙවියන්ට ගණන් දෙන්න ඕනේ.—රෝම 14:12.

බව්තීස්ම වෙලා අවුරුදු ගාණක් ගියා කියලා අපි හැම තිස්සෙම හරි තීරණ ගනියි කියලා හිතන්න බැහැ. හරි තීරණ ගන්න නම් අපි යෙහෝවා දෙවියන් ගැන, ඔහුගේ වචනය ගැන සහ ඔහුගේ සංවිධානය ගැන විශ්වාසය තියලා වැඩ කරන්න ඕනේ.—යොෂු 1:7, 8; හිතෝ 3:5, 6; මතෙ 24:45.

‘නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • එමාට ගන්න වුණ තීරණය මොකක්ද?

  • හෘදය සාක්ෂියට අනුව ගන්න ඕන තීරණවලදී අපේ පෞද්ගලික අදහස් කියන්න හොඳ නැත්තේ ඇයි?

  • යුවළක් එමාට දීපු වටිනා උපදෙස මොකක්ද?

  • හරි තීරණයක් ගන්න උදව් වෙන තොරතුරු එමා හොයාගත්තේ කොහෙන්ද?