සේවය හොඳින් කරන්න ඉගෙනගමු | සේවයේ සතුට තවත් වැඩි කරගන්න
අධ්‍යයනය සඳහා මෙවලම්
දක්ෂ විදිහට උගන්නන්න උදව් වෙන හුඟක් මෙවලම් යෙහෝවා දෙවියන් අපිට දීලා තියෙනවා. බයිබලය තමයි ප්‍රධානම එක. ඒ වගේම වීඩියෝ, පත්‍රිකා, සඟරා, පොත් ඒ අතරට අයිතියි. (2තිමෝ 3:16) ඒ විතරක් නෙවෙයි බයිබල් පද හොඳට තේරුම්ගන්න උදව් වෙන දේවලුත් ඔහු අපිට දීලා තියෙනවා. ‘වොච්ටවර් ලයිබ්‍රරි’ එක, ‘JW ලයිබ්‍රරි’ එක, ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එක වගේම ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොත ඒ අතරට අයිතියි.
ඒ මෙවලම් පාවිච්චි කරලා බයිබලය හොඳින් අධ්‍යයනය කරනවා නම් ඔයාට ලොකු සතුටක් ලබන්න පුළුවන්. ඒවා පාවිච්චි කරන විදිහ ඔයාගේ ශිෂ්‍යයාටත් කියලා දෙන්න. හිතේ තියෙන ප්‍රශ්නවලට එයාම බයිබලෙන් උත්තර දැනගනිද්දී එයාටත් ලොකු සතුටක් දැනෙයි.
‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න - අධ්‍යයනය සඳහා මෙවලම්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
නිර්මාණය ගැන ලිලී මතු කරපු ප්‍රශ්නේ මොකක්ද?
-
නීටා ඒ ගැන තොරතුරු හොයාගත්තේ කොහෙන්ද?
-
ලිලීට ගැළපෙනම තොරතුරු හොයාගන්න නීටා කළේ මොනවාද?
-
අධ්‍යයනයට තියෙන මෙවලම් පාවිච්චි කරපු එක නීටාට උදව් වුණේ කොහොමද?