ඔක්තෝබර් 28–නොවැම්බර් 3
ගීතාවලිය 103-104
ගීතිකා අංක 30 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. “අපිව හැදුවේ දූවිල්ලෙන් කියලා ඔහු සිහි කරනවා”
(විනා. 10යි)
යෙහෝවාගේ අනුකම්පාව නිසා ඔහු සාධාරණව වැඩ කරනවා (ගීතා 103:8; w23.07 21 5¶)
අපේ අතින් වැරදි වුණත් ඔහු අපිව අයින් කරලා දාන්නේ නැහැ (ගීතා 103:9, 10; w23.09 6-7 16-18¶)
අපිට කරන්න බැරි දේවල් ඔහු අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ (ගීතා 103:14; w23.05 26 2¶)
මේ ගැන හිතන්න. ‘මගේ සහකරුට, සහකාරියට සලකන විදිහෙන් මං යෙහෝවා වගේ සාධාරණයි කියලා පේනවාද?’
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
-
ගීතා 104:24—යෙහෝවාගේ නිර්මාණශීලී හැකියාව ගැන මේ පදෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (cl 55 18¶)
-
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) ගීතා 104:1-24 (th 11වෙනි පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) පොදු සේවය. (lmd 3 පාඩමේ 4 කරුණ)
5. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 4යි) ගෙයින් ගෙට. බයිබල් පාඩමක් කරන්න කැමති වුණ කෙනෙක් එක්ක ‘බයිබල් පාඩමට ඔයාව ආදරෙන් පිළිගන්නවා!’ කියන වීඩියෝ එකේ තොරතුරු සාකච්ඡා කරන්න. (th 9වෙනි පාඩම)
6. දේශනය
(විනා. 5යි) lmd 1වෙනි උපග්‍රන්ථය 6 කරුණ—තේමාව: සැමියෙක් ‘තමන්ටම ආදරේ කරනවා වගේ බිරිඳටත් ආදරේ කරන්න ඕනේ.’ (th 1වෙනි පාඩම)
ගීතිකා අංක 44
7. ඔයා ඔයාගේ සීමාවන් දන්නවාද?
(විනා. 15යි) සාකච්ඡාවක්.
යෙහෝවාට අපේ උපරිමය දෙද්දී ඒකෙන් ඔහු වගේම අපිත් සතුටු වෙනවා. (ගීතා 73:28) ඒත් සීමාවට එහායින් දේවල් කරන්න ගියොත් ඔයාට පීඩනයක් දැනෙයි. අධෛර්යයත් වෙයි.
‘පොඩි පොඩි ඉලක්කවලින් වැඩි වැඩි සේවයක්’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
-
යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? (මීකා 6:8)
-
ඉලක්කවලට ළං වෙන එක ගැනම හිතන්නේ නැතුව ඉන්න යෞවන සහෝදරියට උදව් වුණේ මොකක්ද?
8. සභා බයිබල් පාඩම
(විනා. 30යි) bt 2 පරි. 16-23¶