Skip to content

පටුනට යන්න

ඔක්තෝබර් 7-13

ගීතාවලිය 92-95

ඔක්තෝබර් 7-13

ගීතිකා අංක 84 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. ජීවිතේ කරන්න පුළුවන් හොඳම දේ යෙහෝවාට සේවේ කරන එකයි

(විනා. 10යි)

යෙහෝවා අපේ නමස්කාරය ලබන්න වටිනවා (ගීතා 92:1, 4; w18.04 26 5¶)

තීරණ ගන්න, සතුටින් ඉන්න ඔහු තමන්ගේ සෙනඟට උදව් කරනවා (ගීතා 92:5; w18.11 20 8¶)

කෙනෙක් වයසට ගියත් දෙවියන්ට එයා ගැන තියෙන අගය අඩු වෙන්නේ නැහැ (ගීතා 92:12-15; w20.01 19 18¶)

මේ ගැන හිතන්න. ‘යෙහෝවාට කැප වෙලා බව්තීස්ම වෙන්න මං පරක්කු කරන්නේ මොන හේතු නිසාද?’

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 92:5—මේ වචනවල දෙවියන්ගේ ප්‍රඥාවේ ගැඹුර ගැන විස්තර කරන්නේ කොහොමද? (cl 176 18¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 4යි) අවිධිමත්ව. කතා කරන අතරේ බයිබලේ උගන්නන කෙනෙක් විදිහට ඔයා කරන සේවේ ගැන පැහැදිලි කරන්න අවස්ථාවක් හදාගන්න. (lmd 5 පාඩමේ 3 කරුණ)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 3යි) අවිධිමත්ව. කලින් එපා කියපු, හැබැයි උනන්දුවක් පෙන්නන කෙනෙක්ගෙන් බයිබලේ පාඩම් කරන්න කැමතිද අහන්න. (lmd 8 පාඩමේ 4 කරුණ)

6. ගෝලයන් වෙන්න උදව් කරද්දී

(විනා. 5යි) දියුණු වෙන්නේ නැති බයිබල් ශිෂ්‍යයෙක් එක්ක කතා කරන්න. (lmd 12 පාඩමේ 5 කරුණ)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 5

7. මානසික පීඩනය යොවුන් සිනහව උදුරාගද්දී . . .

(විනා. 15යි) සාකච්ඡාවක්.

යෙහෝවාගේ සේවකයනුත් මානසික පීඩනයට මූණ දෙනවා. උදාහරණෙකට දාවිත්ටත් ජීවිතේ සමහර කාලවලදී ලොකු පීඩනයක් දැනුණා. අද අපේ සහෝදර සහෝදරියන්ටත් එහෙමයි. (ගීතා 13:2; 139:23) දැන් දැන් මේ ප්‍රශ්නෙට අපේ යෞවනයනුත් අහු වෙනවා. සමහරවිට ඉස්කෝලේ යන එක, රැස්වීම් යන එක වගේ ජීවිතේ සාමාන්‍ය දේවල් පවා කරන්නත් එයාලට ලොකු පීඩනයක් දැනෙනවා. ඒ නිසා අසාමාන්‍ය විදිහට කලබල වෙන, බය වෙන අවස්ථාත් එන්න පුළුවන්. සමහරුන්ට සියදිවි නසාගන්න සිතුවිලිත් එනවා.

යෞවනයෙනි, ඔයාලාගේ මනසට ලොකු පීඩනයක් දැනෙනවා නම් දෙමාපියන්ට හරි වෙන වැඩිහිටියෙක්ට හරි ඒ ගැන කියන්න. යෙහෝවාගෙන් උදව් ගන්නත් අමතක කරන්න එපා. (ෆිලි 4:6) ඔහු අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරයි. (ගීතා 94:17-19; යෙසා 41:10) ස්ටෙයින්ගේ අද්දැකීම බලන්න.

‘යෙහෝවා දෙවියන් මාව බලාගත්තා’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

• ස්ටෙයින්ට උදව් වුණ බයිබල් පදය මොකක්ද? ඒ ඇයි?

• යෙහෝවා එයාව බලාගත්තේ කොහොමද?

දෙමාපියෙනි, පීඩනය දරාගන්න දරුවාට උදව් කරන්න. ඒකට ඉවසීමෙන් එයා කියන දේවල් අහන් ඉන්න. ඔයා එයාට ආදරෙයි කියලා කියන්න. යෙහෝවාත් එයාට ආදරෙයි කියන විශ්වාසේ වැඩි කරගන්න එයාට උදව් කරන්න. (තීත 2:4; යාකො 1:19) දරුවාට උදව් කරන්න ඔයාට ඕන ශක්තිය, සහනය ලබාගන්න යෙහෝවා ළඟට යන්න.

සභාවේ මානසික පීඩනයෙන් ඉන්නේ කවුද, එයාට දැනෙන්නේ කොහොමද කියලා ඔයා දන්නේ නැතුව ඇති. ඒත් සභාවේ ඉන්න හැමෝටම ආදරේ පෙන්නද්දී, හැමෝම වටිනවා කියලා දැනෙන්න සලස්වද්දී ඔයා කරන්නේ මානසික පීඩනයෙන් ඉන්න අයටත් උදව් කරන එකයි.—හිතෝ 12:25; හෙබ්‍රෙ 10:24.

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) bt 1 පරි. 16-21¶

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 81 සහ යාච්ඤාව