Skip to content

පටුනට යන්න

සැප්තැම්බර් 16-22

ගීතාවලිය 85-87

සැප්තැම්බර් 16-22

ගීතිකා අංක 41 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. විඳදරාගන්න යාච්ඤාව උදව්වක්!

(විනා. 10යි)

සතුටින් ඉන්න යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න (ගීතා 86:4)

දිගටම විශ්වාසවන්තව ඉන්න ඔහුගෙන් උදව් ඉල්ලන්න (ගීතා 86:11, 12; w12 5/15 25 10¶)

ඔයාගේ යාච්ඤාවලට යෙහෝවා උත්තර දෙනවා කියලා විශ්වාස කරන්න (ගීතා 86:6, 7; w23.05 13 17-18¶)


මේ ගැන හිතන්න. ‘ප්‍රශ්නෙක ඉද්දී මං හැම තිස්සේම, ගොඩක් වෙලා අරන් යෙහෝවාට යාච්ඤා කරනවාද?’—ගීතා 86:3.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 86:11—දාවිත්ගේ යාච්ඤාවෙන් කෙනෙක්ගේ හදවත ගැන අපිට තේරුම්ගන්න පුළුවන් මොකක්ද? (it-1-E 1058 5¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) අවිධිමත්ව. බයිබලේ පාඩම් කරන්න කැමතිද අහන්න. (lmd 3 පාඩමේ 5 කරුණ)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) අවිධිමත්ව. මෑතකදී වුණ සිද්ධියක් නිසා ඉන්නේ දුකෙන් කියලා කලින් වතාවක කියපු කෙනෙක්ගෙන් බයිබලේ පාඩම් කරන්න කැමතිද අහන්න. (lmd 7 පාඩමේ 4 කරුණ)

6. ගෝලයන් වෙන්න උදව් කරද්දී

(විනා. 5යි) lff 15 පාඩමේ 5 කරුණ. ඔයාට ඊළඟ සතියේ පාඩමට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා පාඩම කරන්න ශිෂ්‍යයා එක්ක වෙන සැලසුමක් යොදන විදිහ පෙන්නන්න. (lmd 10 පාඩමේ 4 කරුණ)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 83

7. ‘සේවේ නවත්තන්න එපා’

(විනා. 5යි) සාකච්ඡාවක්.

වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • සමහර වෙලාවට සේවේ කරන එක එපා වෙන්නේ ඇයි?

  • ඒත් සේවේ අත්හරින්න හොඳ නැත්තේ ඇයි?

8. බයිබලේ පාඩම් කරන්න කැමතිද කියලා අහන එක නවත්තන්න එපා!

(විනා. 10යි) සාකච්ඡාවක්.

මේ මාසේ තියෙන විශේෂ ව්‍යාපෘතියේදී ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව පාවිච්චි කරලා පාඩමක් පටන්ගන්න ඔයාට පුළුවන් වුණාද? එහෙමනම් ඒ ගැන ඔයාට ගොඩක් සතුටු ඇති. අනිත් අයත් ඒ ගැන සතුටු වෙනවා ඇති. ඒත් ඔයාට තාම පාඩමක් පටන්ගන්න බැරි වුණා නම් කරපු හැම දේම වතුරේ ගියා කියලා ඔයාට හිතෙනවා ඇති. ඒ ගැන ඔයා ඉන්නේ දුකෙන් නම් මොනවාද කරන්න පුළුවන්?

‘“ඉවසිලිවන්තව වැඩ කරලා දෙවිගේ සේවකයන් කියලා පෙන්නමු”—දේශනා කරද්දී’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • අපේ සේවේ හරියට “කලු කුහරෙකට දෙයක් දානවා” වගේ කියලා හිතෙනවා නම් 2 කොරින්ති 6:4, 6 උදව් වෙන්නේ කොහොමද?

  • ඔයාගේ සේවෙන් වැඩක් නැහැ කියලා හිතෙනවා නම් ඔයාට මොන වගේ වෙනස්කම්ද කරන්න පුළුවන්?

අපේ සතුට රැඳිලා තියෙන්නේ බයිබල් පාඩම් කීයක් පටන්ගත්තාද, කීයක් කරනවාද කියන එක මත නෙවෙයි. ඒ වෙනුවට අපි වෙන මහන්සිය ගැන යෙහෝවා සතුටු වෙනවා කියලා දන්න නිසයි. ඉතින් දිගටම මේ ව්‍යාපෘතියට කැමැත්තෙන්ම හවුල් වෙන්න. (ලූක් 10:17-20) මොකද “ස්වාමීන් වෙනුවෙන් ඔයාලා මහන්සි වෙලා කරන සේවය කවදාවත් අපතේ යන්නේ නැහැ.”—1කොරි 15:58.

9. සභා බයිබල් පාඩම

(විනා. 30යි) ia අවසානය 1-13¶

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 39 සහ යාච්ඤාව