Skip to content

පටුනට යන්න

සැප්තැම්බර් 2-8

ගීතාවලිය 79-81

සැප්තැම්බර් 2-8

ගීතිකා අංක 29 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ නමට ආදරෙයි කියලා පෙන්නන්න

(විනා. 10යි)

යෙහෝවාට අගෞරවයක් ගේන කිසිම දෙයක් කරන්න එපා (ගීතා 79:9; w17.02 9 5¶)

යෙහෝවාගේ නමට අයැදින්න (ගීතා 80:18; ijwbv 3 4-5¶)

යෙහෝවාට කීකරු වෙලා, ඔහුගේ නමට ආදරෙයි කියලා පෙන්නන අයට ඔහු ආශීර්වාද කරනවා (ගීතා 81:13, 16)

අපි වැඩ කරන විදිහෙන් යෙහෝවාගේ නමට ගෞරවයක් ගේන්න නම් අපි සාක්ෂිකරුවන් කියලා අනිත් අයට කියන්න ඕනේ

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 80:1—ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර 12ම හඳුන්වන්න සමහර වෙලාවට යෝසෙප් කියන නම පාවිච්චි කරලා තියෙන්නේ ඇයි? (it-2-E 111)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 1යි) ගෙයින් ගෙට. බයිබලේ පාඩම් කරන්න කැමතිද අහන්න. (lmd 4 පාඩමේ 4 කරුණ)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) අවිධිමත්ව. බයිබලේ පාඩම් කරන්න කැමතිද අහන්න. (lmd 4 පාඩමේ 3 කරුණ)

6. කතාබහක් පටන්ගද්දී

(විනා. 2යි) පොදු සේවය. බයිබලේ පාඩම් කරන්න කැමතිද අහන්න. (lmd 3 පාඩමේ 3 කරුණ)

7. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 5යි) ගෙයින් ගෙට. කලින් එපා කියපු, හැබැයි උනන්දුවක් පෙන්නන කෙනෙක්ගෙන් බයිබලේ පාඩම් කරන්න කැමතිද අහන්න. (lmd 8 පාඩමේ 3 කරුණ)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 10

8. “ඒ හැමෝම මගේ නමට ගෞරව කරයි”

(විනා. 15යි) සාකච්ඡාවක්.

සාතන් ඒදන් උයනේදී යෙහෝවාගේ නමට මඩ ගහන්න පටන්ගත්තා. එදා ඉඳන් දේවදූතයන් සහ මිනිස්සු ඉස්සරහා තියෙන වැදගත්ම තීරණේ තමයි යෙහෝවාගේ නමට ඇති වෙලා තියෙන කැළල අයින් කරන්න එයාලා සහය දෙනවාද නැද්ද කියන එක.

සාතන් යෙහෝවා ගැන අමූලික බොරු පතුරුවනවා. එයා කියනවා යෙහෝවා ආදරයක් පෙන්නන්නේ නැති, දරුණු පාලකයෙක් කියලා. (උත් 3:1-6; යෝබ් 4:18, 19) දෙවියන්ගේ සෙනඟ යෙහෝවාට ආදරේ නැහැ කියලත් එයා කියනවා. (යෝබ් 2:4, 5) සාතන් කියන කරන දේවල් නිසා මිලියන ගාණක් මිනිස්සු විශ්වාස කරනවා අපි අවට තියෙන ලස්සන දේවල් හැදුවේ යෙහෝවා නෙවෙයි කියලා.—රෝම 1:20, 21.

ඒ බොරු ඇහෙද්දී යෙහෝවා වෙනුවෙන් කතා කරන්න ඔයාට හිතෙනවාද? යෙහෝවා දැනන් හිටියා ඔහුගේ සෙනඟ ඔහුගේ නම ගෞරවයට පත් කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලා. (යෙසා 29:23) ඔයාට ඒක කරන්න පුළුවන් කොහොමද?

  • යෙහෝවාව අඳුරගෙන ඔහුට ආදරේ කරන්න අනිත් අයට උදව් කරන්න. (යොහ 17:25, 26) ඔහු ඉන්නවා කියලා කියන්න තියෙන සාක්ෂි පෙන්නන්න ලෑස්ති පිට ඉන්න. ඔහුගේ පුදුමාකාර ගුණාංග ගැන කියන්න.—යෙසා 63:7

  • මුළු හිතින්ම යෙහෝවාට ආදරේ කරන්න. (මතෙ 22:37, 38) ඔයා යෙහෝවාගේ නීතිවලට කීකරු වෙන්න ඕනෙ ඒකෙන් ඔයාට හොඳක් වෙන නිසාම නෙවෙයි. ඒ වෙනුවට ඒකෙන් යෙහෝවා සතුටු වෙන නිසයි.—හිතෝ 27:11

‘දිගටම ආදරය පෙන්වමු . . . පාසැලෙන් මොන පීඩන ආවත්’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • ඒරියලුයි, ඩියේගෝයි යෙහෝවාගේ නම වෙනුවෙන් කතා කළේ කොහොමද?

  • යෙහෝවා වෙනුවෙන් කතා කරන්න එයාලා පෙලඹුණේ ඇයි?

  • එයාලව ආදර්ශයට ගන්න ඔයාට පුළුවන් කොහොමද?

9. සභා බයිබල් පාඩම

(විනා. 30යි) ia 23 පරි. 1-14¶

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 90 සහ යාච්ඤාව