Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | යොහන් 3-4

යේසුස් සමරිතානු ස්ත්‍රියකට සාක්ෂි දැරුවා

යේසුස් සමරිතානු ස්ත්‍රියකට සාක්ෂි දැරුවා

4:6-26, 39-41

අවිධිමත්ව සාක්ෂි දරන්න යේසුස්ට උදව් වුණේ මොනවාද?

  • 4:7—යේසුස් මුලින්ම තමන් ගැලවුම්කරු කියන එක ගැනවත් දේවරාජ්‍යය ගැනවත් ඒ ස්ත්‍රිය එක්ක කතා කරන්නේ නැතුව එයාගෙන් වතුර ටිකක් ඉල්ලුවා

  • 4:9—ඔහු සමරිතානු ස්ත්‍රියගේ ජාතිය බාධාවක් කරගත්තේ නැහැ

  • 4:9, 12—සාකච්ඡාව අතරතුරේදී මතභේදයට තුඩු දෙන දේවල් ගැන ස්ත්‍රිය ඇහුවත් යේසුස් තමන් කතා කරමින් හිටිය විෂයෙන් පිට පැන්නේ නැහැ.—cf 91 3¶

  • 4:10—ඔහු ඒ ස්ත්‍රිය එක්ක කතා කළේ හුරු පුරුදු දෙයක් ගැනයි

  • 4:16-19—ඒ ස්ත්‍රිය අනාචාර ජීවිතයක් ගත කරපු කෙනෙක් වුණත් යේසුස් එයාට ගෞරවයෙන් සැලකුවා

අවිධිමත්ව සාක්ෂි දරන එකේ වැදගත්කම තේරුම්ගන්න මේ සිද්ධිය උදව් වෙන්නේ කොහොමද?