වැරදි චේතනාවකින් යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න එපා
යේසුස් කියපු දෙයක් වැරදියට තේරුම්ගත්ත නිසා සමහර ගෝලයන් ඔහුව අත්හැර ගියා. ඊට කලින් දවසේ තමයි යේසුස් ආශ්චර්යයකින් එයාලට කෑම දුන්නේ. ඒකෙන් ඔහුට දෙවිගේ බලය තියෙනවා කියලා හොඳින්ම පැහැදිලි වුණත් එයාලා යේසුස්ව අත්හැරලා ගියේ ඇයි? පේන විදිහට එයාලා යේසුස්ව ඇසුරු කරලා තියෙන්නේ වාසි ප්‍රයෝජන බලාගෙනයි. එයාලට තිබිලා තියෙන්නේ වැරදි චේතනාවක්.
මේ ප්‍රශ්න ගැන හොඳට හිතන්න. ‘මං යේසුස්ගේ අනුගාමිකයෙක් වුණේ ඇයි? දැනුත් අනාගතයේදීත් ලැබෙන ආශීර්වාද නිසාද? නැත්නම් මං ඇත්තටම යෙහෝවා දෙවිට ආදරේ නිසාද?’
අපි දෙවිට සේවය කරන්නේ මේ හේතු නිසාම නම් දෙවිව අත්හරින්න පෙලඹෙන්න ඉඩ තියෙන්නේ ඇයි?
-
දෙවිගේ සෙනඟ එක්ක ඉද්දී ලොකු සතුටක් දැනෙන නිසා
-
පාරාදීසයේ ජීවත් වෙන්න කැමති නිසා