යේසුස් පියාණන්ව ගෞරවයට පත් කළා
යේසුස් කියපු කරපු හැම දේකින්ම ඔහුගේ පියාව ගෞරවයට පත් කළා. තමන් උගන්වන්නේ පියා කියපු දේවල් කියලා පෙන්වන්නයි ඔහුට ඕන වුණේ. ඔහු නිතරම ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන ඉගැන්නුවෙත් ශුද්ධ ලියවිල්ලෙන් උපුටලා දැක්වුවෙත් ඒ නිසයි. අනිත් අය තමන්ව ප්‍රශංසා කරද්දී ඔහු නිතරම ඒ ප්‍රශංසාව යෙහෝවා දෙවිට ලබා දුන්නා. යෙහෝවා දෙවි තමන්ට දීපු පැවරුම සම්පූර්ණයෙන්ම ඉටු කරන එකටයි යේසුස් මුල් තැන දුන්නේ.—යොහ 17:4.
මේ අවස්ථාවලදී යේසුස්ව අනුගමනය කරන්න පුළුවන් කොහොමද?
-
බයිබල් ශිෂ්‍යයෙක්ට උගන්වද්දී නැත්නම් වේදිකාවේ ඉඳන් උගන්වද්දී.
-
අනිත් අය අපිට ප්‍රශංසා කරද්දී.
-
අපේ කාලය ගත කරන විදිහ ගැන තීරණය කරද්දී.