Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න

සේවයේ දක්ෂ වීමට දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න

ඒක වැදගත් ඇයි? යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබාගන්න නම් කැප වෙලා බව්තීස්ම වෙන්න ඕනේ. (1පේතෘ 3:21) කැපවීමට අනුව ජීවත් වෙන අයට දෙවි එක්ක තියෙන බැඳීම ආරක්ෂා කරගන්න පුළුවන්. (ගීතා 91:1, 2) ක්‍රිස්තියානීන් කැප වෙන්නේ යෙහෝවා දෙවිට මිසක් මිනිසුන්ටවත් යම් කාර්යයකටවත් සංවිධානයකටවත් නෙවෙයි. ඒ නිසා බයිබල් ශිෂ්‍යයන් දෙවි ගැන තියෙන ආදරය, අගය තව වැඩි කරගන්න ඕනේ.—රෝම 14:7, 8.

ඒක කරන්නේ කොහොමද?

  • පාඩම කරද්දී යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා කතා කරන්න. බයිබලය හැමදාම කියවන එකෙත් “නොකඩවා” යාච්ඤා කරන එකෙත් වටිනාකම කාවද්දන්න.—1තෙස 5:17; යාකො 4:8

  • කැප වෙලා බව්තීස්ම වෙන්න ඉලක්කයක් තියාගන්න බයිබල් ශිෂ්‍යයාව දිරිගන්වන්න. ඒ අතරේ රැස්වීමේදී උත්තර දෙන්න, අසල්වැසියන්ටත් රැකියා ස්ථානයේ අයටත් සාක්ෂි දරන්න වගේ පොඩි ඉලක්ක තියාගෙන ඒවා ජය ගන්නත් එයාට උදව් කරන්න. යෙහෝවා දෙවි තමන්ට සේවය කරන්න කියලා කාටවත් බල කරන්නේ නැහැ. ඒක පෞද්ගලික තීරණයක්.—ද්වි 30:19, 20

  • යෙහෝවා දෙවි සතුටු වෙන විදිහට ජීවත් වෙන්නත් බව්තීස්ම වෙන්නත් අවශ්‍ය වෙනස්කම් කරගන්න ශිෂ්‍යයාව දිරිගන්වන්න. (හිතෝ 27:11) සමහර ගතිගුණවලට, පුරුදුවලට එයා කාලයක් තිස්සේ හුරු වෙලා ඇති. ඒවා වෙනස් කරගෙන අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න එයාට ඔයාගේ උදව් දිගටම ඕනේ. (එෆී 4:22-24) ‘මුරටැඹ’ සඟරාවේ “ජීවිත වෙනස් කළ පොතක්” යටතේ එන තොරතුරු එයා එක්ක කතා කරන්න

  • යෙහෝවා දෙවිට සේවය කරන එකෙන් ඔයා කොච්චර සතුටක් ලබනවාද කියලා එයාට කියන්න.—යෙසා 48:17, 18