Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ගීතාවලිය 87–91

දිගටම යෙහෝවා දෙවිගේ රහස් ස්ථානයේ ජීවත් වෙන්න

දිගටම යෙහෝවා දෙවිගේ රහස් ස්ථානයේ ජීවත් වෙන්න

යෙහෝවා දෙවිගේ “රහස් ස්ථානයේ” ඉද්දී දෙවි එක්ක තියෙන බැඳීම ආරක්ෂා වෙනවා

91:1, 2, 9-14

  • යෙහෝවා දෙවිගේ රහස් ස්ථානයේ ඉන්න නම් දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්නම ඕනේ

  • දෙවි ගැන විශ්වාසයක් නැති අයට ඒ ස්ථානය ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ

  • යෙහෝවා දෙවිගේ රහස් ස්ථානයේ ඉන්න අය දෙවි ගැන එයාලාට තියෙන විශ්වාසය, ආදරය නැති කරන්න කිසි කෙනෙකුටවත් කිසි දෙයකටවත් ඉඩ දෙන්නේ නැහැ

“කුරුලු දඩයක්කරු” හදන්නේ අපිව උගුලකට අහු කරගන්නයි

91:3

  • කුරුල්ලන්ව උගුලකට අහු කරගන්න ලේසි නෑ

  • කුරුලු දඩයක්කරුවෙක් කුරුල්ලන් කරන දේවල් දිහා හොඳට බලන් ඉඳලා උන්ට ගැළපෙන උගුලක් ගැන හිතනවා

  • සාතනුත් යෙහෝවා දෙවිගේ සෙනඟ දිහා හොඳට බලන් ඉඳලා දෙවිත් එක්ක එයාලාට තියෙන බැඳීම නැති කරන්න උගුල් අටවනවා

සාතන් අටවන ප්‍රධාන උගුල් හතරක්:

  • මිනිසුන්ට තියෙන බය

  • ධන සම්පත්වලට තියෙන ආශාව

  • නුසුදුසු විනෝදාංශ

  • හිත් රිදවීම්