Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ගීතාවලිය 102–105

අපිව හැදුවේ දූවිල්ලෙන් කියලා යෙහෝවා දෙවිට මතකයි

අපිව හැදුවේ දූවිල්ලෙන් කියලා යෙහෝවා දෙවිට මතකයි

යෙහෝවා දෙවිගේ දයාව විස්තර කරන්න දාවිත් ලස්සන උදාහරණ පාවිච්චි කළා.

  • 103:11

    තරු පිරි අහස සහ පොළොව අතර තියෙන පරතරය කොච්චරද කියලා මනින්න බැහැ වගේ යෙහෝවා දෙවිගේ හිතේ අපි ගැන තියෙන ආදරයත් මනින්න බැහැ

  • 103:12

    යෙහෝවා දෙවි අපි කරන වැරදි අපෙන් කොයි තරම් ඈත් කරලා දානවාද කියනවා නම් ඒ දුර හරියට නැඟෙනහිරත් බස්නාහිරත් අතර තියෙන දුර වගෙයි

  • 103:13

    තමන්ගේ වැරදි ගැන මුළු හිතින්ම දුක් වෙන අය ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නෙත් දුකෙන් ඉන්න තමන්ගේ පුතා ගැන තාත්තා කෙනෙක්ට හැඟෙන විදිහටමයි