Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සැප්තැම්බර් ‘මුරටැඹ’ සඟරාව බෙදාහරින්න විශේෂ වෑයමක් ගමු

සැප්තැම්බර් ‘මුරටැඹ’ සඟරාව බෙදාහරින්න විශේෂ වෑයමක් ගමු

ලෝකෙ පුරාම මිනිසුන් ඉන්නේ සහනයක් බලාපොරොත්තුවෙන්. (දේශ 4:1) සහනය ගැන කතා කරන ‘මුරටැඹ’ සඟරාව සැප්තැම්බර් මාසේ පුරාම බෙදාහරින්න අපි විශේෂ වෑයමක් ගන්නවා. පුළුවන් තරම් දෙනෙක්ට මේ සඟරාව දෙන්න උත්සාහ කරන්න. ඒත් අපි උත්සාහ කරන්නේ මිනිසුන් එක්ක කතා කරලම ඒ අයට සහනයක් දෙන්න නිසා කවුරුත් නැති ගෙවල්වල අපි සඟරා තියලා එන්නේ නැහැ.

මෙහෙම කියන්න

“අපි හැමෝටම සහනයක් ඕනේ. ඒත් කාගෙන්ද අපිට සහනයක් ලැබෙන්නේ? [2 කොරින්ති 1:3, 4 කියවන්න.] දෙවියන්ගෙන් අපිට සහනයක් ලැබෙන්නේ කොහොමද කියලා මේ සඟරාවේ පෙන්වනවා.”

එයා උනන්දු වෙලා සඟරාවක් ගන්න කැමති වුණොත් මෙහෙම කරන්න.

‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක පෙන්වන්න

බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න කැමතිද කියලා අහන්න.

නැවත බැලීමකට මඟ සලසගන්න

දෙවි දුක් වේදනාවලට ඉඩ දීලා තියෙන්නේ ඇයි’ වගේ ප්‍රශ්නයක් ඊළඟ වතාවේ කතා කරන්න සැලසුම් කරගන්න.