Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සමුළු සිහිගැන්වීම්

සමුළු සිහිගැන්වීම්

අනිත් වෙලාවලදී වගේම සමුළුව පැවැත්වෙන කාලෙදිත් දෙවිට හා අසල්වාසීන්ට ප්‍රේමය පෙන්වන්න ඕනේ. (මතෙ 22:37-39) 1 කොරින්ති 13:4-8 කියන්නේ ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය, ඔහු අවිනීතව හැසිරෙන්නේ නැත. තමාගේම වාසිය සොයන්නේ නැත. ඉක්මනින් කෝප වන්නේ නැත. ප්‍රේමය නමැති මෙම ගුණාංගය සදාතනිකය’ කියලයි. ‘සමුළු සිහිගැන්වීම්’ වීඩියෝ එක බලද්දී සමුළුවේ ඉන්න අනිත් අයට ප්‍රේමය පෙන්වන්න පුළුවන් පැති ගැන හිතලා බලන්න.

ප්‍රේමය පෙන්වන්න පුළුවන් කොහොමද . . .

  • සීට් වෙන් කරද්දී?

  • සංගීතය පටන්ගද්දී?

  • සමුළුවට යන්න හෝටලයක නතර වෙලා ඉන්නවා නම්?

  • උදව් කරන්න ඉදිරිපත් වෙන එකෙන්?