Skip to content

පටුනට යන්න

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

සමුළු ආරාධනා පත්‍ර බෙදාහැරීම

සමුළු ආරාධනා පත්‍ර බෙදාහැරීම

හැම අවුරුද්දෙම අපි ආසාවෙන් බලාගෙන ඉන්නේ තුන්දින සමුළුවෙන් දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්නයි. අපි හැකි තරම් දෙනෙක්ට ආරාධනා කළොත් යෙහෝවා දෙවි යහපත් බව ඒ අයටත් රස බලා දැනගන්න පුළුවන් වෙයි. (ගීතා 34:8) ආරාධනා පත්‍රවලින් උපරීම ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහ තීරණය කරන්න වැඩිමහල් මණ්ඩලයට පුළුවන්.

මතකයේ තියාගන්න කරුණු කීපයක්

  • මගේ සමුළුව කවදාද?

  • ආරාධනා පත්‍ර බෙදන්න පටන්ගන්න තියෙන්නේ කවදාද?

  • සභාවේ ක්ෂේත්‍ර සේවා රැස්වීම් තියෙන්නේ කවදාද?

  • ආරාධනා පත්‍ර බෙදන්න මං යොදන සැලසුම් මොනවාද?

  • මං ආරාධනා කරන්න හිතාගෙන ඉන්නේ කාටද?

කියන්න පුළුවන් මොනවාද?

නිවැසියාට සුබ පැතුවාට පස්සේ මෙහෙම කියන්න පුළුවන්.

“විශේෂ සමුළුවකට අපි හැමෝටම ආරාධනා කරනවා. සමුළුව තියෙන දවසයි වෙලාවයි ලිපිනයයි මේකේ තියෙනවා. ඔයාත් එනවා නම් අපි සතුටුයි.”

උනන්දුව තව වැඩි කරන්න පුළුවන් කොහොමද?

සමුළුවට හැකි තරම් දෙනෙක්ට ආරාධනා කරන එක අපේ අරමුණ වුණත් උනන්දුවක් දක්වන අයගේ උනන්දුව තව වැඩි කරන්නත් අපි අවධානයෙන් ඉන්න ඕනේ.

සති අන්තවලදී ආරාධනා පත්‍රය එක්ක සඟරාවත් දෙන්න පුළුවන්.