Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සාකච්ඡාවක් පටන්ගන්න අලුත් ක්‍රමයක්

සාකච්ඡාවක් පටන්ගන්න අලුත් ක්‍රමයක්

2016 ජනවාරි ඉඳලා ‘මුරටැඹ’ පොදු කලාපයේ අන්තිම පිටුව එන්නේ “බයිබලයේ කියන්නේ මොනවාද?” කියන මාතෘකාවෙන්. ඒක බයිබල් විෂයන් ගැන සාකච්ඡා පටන්ගන්න උදව් වෙනවා. කරුණු ගොඩනඟලා තියෙන්නේ පත්‍රිකාවල තියෙන විදිහටයි. නිවැසියාට හිතන්න උදව් වෙන ප්‍රශ්නයකුත් ඊළඟට බයිබලයේ ඒ ගැන කියන දේත් තියෙනවා. ඒ වගේම සාකච්ඡාවක් කරගෙන යන්න අවශ්‍ය කරුණුත් තියෙනවා.

බයිබලය මත පදනම් සුහද සාකච්ඡා බයිබල් පාඩම්වලට මඟ පාදනවා. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති දැනගන්න කැමති අයට මේ අලුත් ක්‍රමය යොදාගෙන උදව් කරන්න.—මතෙ 5:6.

අලුත් ක්‍රමය අත්හදා බලන්න:

  1. නිවැසියාගේ අදහස දැනගන්න ප්‍රශ්නවලින් එකක් අහන්න

  2. ඔහුගේ උත්තරයට සවන් දෙන්න

  3. “බයිබලයේ කියන්නේ මෙහෙමයි” කියන කොටසේ තියෙන බයිබල් පදය කියවන්න. ඒ පදය ගැන ඔහුගේ අදහස දැනගන්න. ඔහුට වෙලාව තියෙනවා නම් “බයිබලයේ මෙහෙමත් කියනවා” කියන කොටසේ තියෙන කරුණක් සාකච්ඡා කරන්න

  4. සඟරාව ඉදිරිපත් කරන්න

  5. දෙවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න නැවත යන්න සැලසුම් යොදන්න