Skip to content

පටුනට යන්න

අත්හදා බලන්න යෝජනා

අත්හදා බලන්න යෝජනා

‘පිබිදෙව්!’

ප්‍රශ්නය: යේසුස් කියලා කෙනෙක් ඇත්තටම හිටියද කියලා සමහරු සැක කරනවා. තවත් අයට නම් ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒක හරියටම කියන්න බැහැ කියලා කියන අයත් ඉන්නවා. ඔයා හිතන්නේ මොකක්ද?

ඉදිරිපත් කිරීම: හොයාගෙන තියෙන සාක්ෂිවලින් ඔප්පු වෙන්නේ මොකක්ද කියලා මේ ‘පිබිදෙව්!’ සඟරාවේ තියෙනවා.

බයිබලයෙන් උගන්වන්න

ප්‍රශ්නය: කෙනෙක් මැරුණම මොකද වෙන්නේ?

බයිබල් පදය: යොහ 11:11-14

බයිබලයේ කියන්නේ: කෙනෙක් මැරුණම එයාගේ ජීවිතේ ඉවර වෙනවා. ඒ නිසා මරණින් පස්සේ ජීවිතයක් ගැන අපි බය වෙන්න ඕනෙ නෑ. යේසුස් මරණය නින්දකට සමාන කළා. ලාසරුස්ව නැවත නැඟිට්ටෙව්වා වගේ මරණය නිසා අපි අතරෙන් වෙන් වුණු අයවත් නැවත නැඟිට්ටවන්න යේසුස්ට පුළුවන්.—යෝබ් 14:14.

අපේ රැස්වීම්වලට කරන ආරාධනාවයි! (inv)

ඉදිරිපත් කිරීම: නොමිලේ පවත්වන බයිබල් දේශනයකට ආරාධනා කරන්නයි මං ආවේ. ඒක තියෙන්නේ අපේ නමස්කාර මධ්‍යස්ථානයේ. [ආරාධනා පත්‍රිකාව දීලා සති අන්තයේ රැස්වීම පවත්වන වෙලාවත් තැනත් පෙන්වන්න. බයිබල් දේශනයේ මාතෘකාවත් කියන්න.]

ප්‍රශ්නය: ඔයා කවදා හරි අපේ නමස්කාර මධ්‍යස්ථානයකට ගිහින් තියෙනවද? [නිවැසියා කැමති නම් ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ වීඩියෝ එක පෙන්වන්න.]

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.