“ඔබේ සිත ඇදී යන්න ඉඩ නොදෙන්න”
යෙහෝවා දෙවිගේ ප්රමිතිවලින් අපිට ආරක්ෂාවක් ලැබෙනවා. හැබැයි අපි ඒවා අපේ හිතේ රඳවගන්න ඕනේ. (හිතෝ 7:3) දෙවිගේ සේවකයෙක් හිත වෙනතකට ඇදිලා යන්න ඉඩ දුන්නොත් එයා ලේසියෙන්ම සාතන්ගේ උගුල්වලට අහු වෙනවා. තමන්ව රවටන්න හිතට ඉඩ දීපු තරුණයෙක් ගැන හිතෝපදේශ 7වෙනි පරිච්ඡේදයේ තියෙනවා. එයා කරපු වැරදිවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?
-
අපේම ඉන්ද්රියන් පාවිච්චි කරලා වැරදි දේවල් කරන්න අපිව පොලඹවලා අපිව යෙහෝවා දෙවිගෙන් ඈත් කරන්න සාතන් උත්සාහ කරනවා
-
වැරදි දේක ප්රතිඵල කලින්ම හඳුනගෙන ඒවායින් වැළකිලා ඉන්න ප්රඥාවත් තේරුම්ගැනීමේ හැකියාවත් අපිට උදව් වෙනවා