අත්හදා බලන්න යෝජනා
‘මුරටැඹ’
ප්‍රශ්නය: මේ ප්‍රතිපත්තියට එකඟව හැමෝම ජීවත් වුණොත් මේ ලෝකය මීට වඩා හොඳ තැනක් වෙයි කියලා ඔයා හිතනවාද?
බයිබල් පදය: හෙබ්‍රෙ 13:18
ඉදිරිපත් කිරීම: හැම දේකදීම අවංක වෙන්න කියලා බයිබලේ කියනවා. හැම දේකදීම අවංක වෙන්න පුළුවන් විදිහ ගැන මේ ‘මුරටැඹ’ සඟරාවේ විස්තර කරලා තියෙනවා.
‘මුරටැඹ’ (අන්තිම පිටුව)
ප්‍රශ්නය: මේ ප්‍රශ්නය ගැන ඔයාගේ අදහස දැනගන්න කැමතියි. [1වෙනි ප්‍රශ්නය අහන්න.] සමහරු හිතනවා මැරුණු අය ආත්මයක් විදිහට කොහේ හරි ජීවත් වෙනවා කියලා. තවත් අය හිතන්නේ මරණයෙන් හැම දේම අවසන් වෙනවා කියලා. ඔයා හිතන්නේ මොකක්ද?
බයිබල් පදය: දේශ 9:5
ඉදිරිපත් කිරීම: මේ ගැන බයිබලයේ තියෙන තවත් දේවල් මේ ලිපියේ පැහැදිලි කරනවා. මේ ටික කියවලා බලන්න. අපිට වෙන වෙලාවක ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්.
‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’
ඉදිරිපත් කිරීම: අපි ආවේ බයිබල් සාකච්ඡාවක් ගැන කියන්න. වැදගත් ප්‍රශ්නවලට උත්තර ඔයාගේ බයිබලයෙන්ම හොයාගන්න පුළුවන් විදිහ මේ සඟරාවේ පෙන්නනවා.
ප්‍රශ්නය: ඔයා බයිබලය කියවලා තියෙනවාද? මේ සඟරාවේ තියෙන පාඩම් තේරුම්ගන්න කොච්චර ලේසිද කියලා මං පෙන්නන්නම්. [2වෙනි පාඩමේ 1වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න.]
බයිබල් පදය: එළි 4:11
ඔයාගේ යෝජනාව ලියන්න
ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.